(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හන්දියේ දී මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අනතුරුව යතුරු පැදිකරු මෝටර් රථ රියදුරුට අමානුෂික ලෙස පහර දීම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති වූ බව පොලිසිය කියයි.

පහර දීමෙන් මෝටර් රථ රියැදුරා මාර්ගයේ ඇද වැටී ඇත.

එතනින් නොනැවතුණු යතුරුපැදිකරු මෝටර් රථයට බරපතල අලාභ සිදු කර ඇත.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් යතුරුපැදිකරු සමග උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදු ව ඇතැයි පොලිසිය පවසියි.

යතුරුපැදිකරු ඔහුගේ ගැබිනි බිරිඳ සමග යතුරු පැදියෙන් බණ්ඩාරගම දෙස සිට හොරණ දෙසට යමින් සිටියදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට යොමු කරන ලද මෝටර් රථයේ ගැටී පෙරළීමෙන් අනතුරුව යතුරු පැදිකරු උරණ වි මෙලෙස පහර දී ඇති බව ප්‍රදේශවාසීහු පවසයි.