(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ත්‍රීරෝද දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථ රියැදුරකු  මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම වරාවත්ත පදිංචිව සිටි  දිලිප් කුමාර නමැති 51 හැවිරිදි පුද්ගලයෙකි.

බණ්ඩාරගම  අඟුරුවාතොට මාර්ගයේ රයිගම හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුවි ඇත.

බරපතළ තුවාල ලද තීරෝද රථ රියදුරු හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.