IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අන්තරේට තහනමක්

(ඉන්දිකා රාමනායක)

කොළඹ දී අද (7) පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුලු 13 දෙනකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් නියෝගයක් නිකුත් කර ඇත.

මෙම විරෝධාව අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවස, ජනාධිපති ලේකම් කාර්යාල, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොරපිටිය සහ ගාලුමුවදොර වටරවුමේ සිට එන් එස් ඒ වටරවුම දක්වා මාර්ගට ඇතුලු වීම වලක්වමින් කොටුව මහේස්ත්‍රාත් මෙම ආඥාවක් නිතුක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

එසේම පොදු හා පෞද්ගලික දේපළවලට හානි නොකරන ලෙසටත්, මහජනයා ප්‍රකෝප විය හැකි ප්‍රචන්ඩක්‍රියාවන්වල නිරත නොවන ලෙසටත් ඉල්ලා නියෝගය නිකුත් කර ඇත.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, හිටලු කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ඇතුලු 13 දෙනකු වෙත මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (3)

අන්තරේට තහනමක්

කිරිපුතා Wednesday, 07 June 2023 02:47 PM

මොවුන් නොකරන්නේ ඉගෙන ගන්න එක විතරයි.

:       7       5

samanWednesday, 07 June 2023 03:16 PM

නුඹලාට කැම්පස් යන්න බැරිවුණු එක ගැන ඉරිසියා කරන්න එපා.. ලබන ආත්මෙවත් යන්න හිත හදාගන්න...

:       4       6

Bamunuarachchi Thursday, 08 June 2023 06:21 AM

අපි කැම්පස් ගියා නම් කැම්පස් ගිය එවුන්ට රස්සාවල් දෙන්නේ කවුද බන්? අර සුරුට්ටු කඩේ මුදලාලි ගාව B com කරපු දෙන්නෙක් සුරුට්ටු ඔතනවා. මගේ ගරාජ් එකේ මිකැනිකල් ඉංජිනේරුවෙක් මිකැනික් හැටියට ඉන්නවා. අර මිනිහා සුරුට්ටු කඩේ දැම්මේ නැතිනම්, මම ගරාජ් එකක් දැම්මේ නැතිනම් උඹලට හුලන් තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site