(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
නිවාස ඉදිකිරීම, ඉඩම් මිලදී ගැනීම, ඉතා සහන මිලට සිදු කර දෙන බව පවසමින් සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළකර රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ පුද්ගලික සමාගමක් පවත්වාගෙන ගිය මාලබේ ප්‍රදේශයේ ස්ථානයක් ගනුදෙනුකරුවෝ පිරිසක් විසින් වටලනු ලැබූහ.
පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා දැන්වීමක් පළ කර තිබුණේ ඉතා සහන මිලට නව නිවසක් ඉදිකර දෙන බවත්, අලුතින් ඉඩමක් මිලදී ගැනීමට අවස්ථාව ලබාදිය හැකි බවත්ය. එසේ අලෙවි කරන ඉඩම් සහ නිවාස රුපියල් කෝටියත් කෝටි දෙකත් අතර මුදලකට අලෙවි වන බව දන්වා තිබුණි .
ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් නව නිවසක් ඉදි කරවා ගැනීමට හා අලුතින් ඉඩමක් මිලදී ගැනීමට මෙම ආයතනයට පැමිණ ලබාදුන් උපදෙස්වලට අනුව රුපියල් ලක්ෂ ,10, 20, 35, 48 සහ 50 ආදී වශයෙන් අත්තිකාරම් මුදල් ලබා දී ඇතැයි පොලිසිය පවසයි.
ඒ අනුව අදාළ ගනුදෙනුව සම්පුර්ණ කිරීම සඳහා ඉකුත් ජුනි මස 22 දාට පෙර ඉතිරි මුදල් ගෙවා දමන ලෙසට ද ආයතනය ගනුදෙනුකරුවන්ට දැනුම් දී තිබූ අතර ඒ අනුව ඉතිරි මුදල් සියල්ල ඉකුත් 22 දා ට පෙර ගෙවා දමා තිබූ බව ගනුදෙනුකරුවෝ පවසති.
එහෙත් දින දහයක් ඉක්ම ගොස් ඇතත් බලාපොරොත්තු වූ ඉඩම හෝ නිවස යලි ලබා නොදීම නිසා ගනුදෙනුකරුවන් 50කට ආසන්න පිරිසක් මාලඹේ ප්‍රදේශයේ අදාල සමාගම පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණ තිබේ.
ඒ පැමිණෙන අවස්ථාවේදී දක්නට ලැබී තිබුණේ එම කාර්යාලය සියලු බඩුබාහිරාදිය ඉවත් කරගෙන ගොස් ඇති බවයි.
මීට අමතරව මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා දී තිබූ එකක් බවට ගේට්ටුවෙ දැන්වීමක් ද ප්‍රදර්ශනය කර තිබුණි .
ඒ අනුව ගනුදෙනුකරුවන් කලබල වීමත් සමග තරමක උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි .
පසුව සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙම සමාගම ව්‍යාජ නම් කිහිපයකින් පවත්වාගෙන ගොස් ඇති බවත් එහි සේවය කළ කාර්ය මණ්ඩලය නම් කිහිපයකින් පෙනී සිට ඇති බවත්ය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තර්ජාලයෙන් ආ සමාගමක් ගෙවල් සිහිනය බොඳ කරලා
Pradeep Kumara Monday, 03 July 2023 08:32 AM
මෙහෙමත් මෝඩ මිනිස්සු. අපේ රටේ මිනිස්සුන්ව රවට්ටන්න හරිම ලේසියි, එයාලා කවදාකවත් කිසි දෙයකින් පාඩමක් ඉගෙන ගන්නේ නෑ. ඒක හරියට තමන් රැවටෙන බව දැන දැනම බොරු වලට රැවටිලා එකම සෙට් එකට ඡන්දෙ දෙනවා වගේ.
Kazi Shajahan Monday, 03 July 2023 11:15 AM
දෙහිවල ඉඳන් ගේම දුන්නු එකමද? ගල්කිස්සේ නඩු ගොඩක් තියෙනවා. අපරාදේ එයාට ආයේ මිනිස්සු ඇහුණද?