වැරැදි තොරතුරු ව්‍යාප්ත වීම සහ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම ආදී තර්ජනවලට පිළියම් සෙවීමට ලෝකය අසමත් වුවහොත් “ඩිජිටල් ලෝකය තුළ අයහපත් තත්ත්වයක්” නිර්මාණය වනු ඇතැයි ලෝක ව්‍යාප්ත ජාලයේ නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී අනතුරු ඇඟවීය.
ජනතාව නොමග යැවීම සඳහා වුවමනාවෙන් වැරැදි තොරතුරු සැපයීම එසේත් නැතිනම් දුස් තොරතුරු සහ ඩිජිටල් ලෝකය විශේෂයෙන්ම අන්තර්ජාලය , සමාජ මාධ්‍ය තුළ එහි පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය හානි වීම සහ පෞද්ගලිකත්වය නිරාවරණය වීම බරපතළ ප්‍රශ්නයක් වී තිබේ.
ලෝක ව්‍යාප්ත ජාලයේ හෙවත් වර්ල්ඞ් වයිඞ් වෙබ් (ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්) නිර්මාතෘ වන ටිම් බර්නර්ස් ලී බි්‍රතාන්‍යයේ පරිගණක විද්‍යාඥයෙකි. හෙතෙම 1989 වසරේදී “තොරතුරු කළමනාකරණය පද්ධතියක්” සඳහා ඔහුගේ පළමු යෝජනාව ඉදිරිපත් කළේය.
ලෝක ව්‍යාප්ත ජාලය ආරක්ෂා කිරීම සඳහා නව ගිවිසුමක් ඇති කරගත් යුතු බවත් රටවල්, ආණ්ඩු, සමාගම් සහ තනි තනි පුද්ගලයන් කඩිනමින් පියවර ගත යුතු බවත් ඒ වෙනුවෙන් ප්‍රධාන මූලධර්ම නවයක් ක්‍රියාත්මක කළ යුතු බවත් බර්නර්ස් ලී නැවත වරක් අවධාරණයෙන් පැවැසීය.
ටිම් බර්නර්ස් ලීගේ ‘ලෝක ව්‍යාප්ත ජාල පදනම’ මෙම නව යෝජනා සකස් කර තිබෙන අතර අන්තර්ජාල තර්ජනවල නැගීම පාලනය කිරීම ඒවායේ ප්‍රමුඛ අරමුණ වී තිබේ.
නොවැම්බර් 25 වැනි සඳුඳා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ජාත්‍යන්තර සමුළුවක් ද පැවැත්විණි.

ඊට පෙර ටිම් බර්නර්ස් ලී ලෝකය මුහුණ දෙන අවදානම සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබිණි.
“නිදහස් සහ විවෘත ජාලයක් ( ලෝක ව්‍යාප්ත ජාලයක්) ආරක්ෂා කරගැනීමට අප අසමත් වුවහොත්, අසමානාත්ව පිරි අයිතිවාසිකම් උල්ලංඝණය කෙරෙන අවදානම් සහගත ඩිජිටල් ලෝකයක් නිර්මාණය වේවි” යැයි එම ට්විටර් පණිවුඩයේ සඳහන් විය.
මේ වසර මුලදී ටිම් බර්නර්ස් ලීගේ පදනම ඔවුන්ගේ වෙබ් අඩවියේ නිවේදනයක් ද නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වා තිබිණි. එහිදි ටිම් බර්නර්ස් ලී මෙසේ අදහස් දක්වා තිබිණි.
“අපේ කාලයේ උච්චතම අවස්ථාව එළැඹ තිබෙනවා. සූරා කෑමට, අයුතු ප්‍රයෝජන ගැනීමට, බෙදීම් හා බෙදා වෙන් කිරීමට සහ පීඩාවට හා ඊට අනතුරු කිරීමට උත්සාහ කරන පිරිස්වලින් ලෝක ව්‍යාප්ත ජාලය බේරා ගත යුතුයි. එවැනි පිරිස්වලට ලෝක ව්‍යාප්ත ජාලය අවභාවිත කිරීමට ඉඩ නොදිය යුතුයි”.
ලෝක ව්‍යාප්ත ජාලය ආරක්ෂා කරගැනීම සඳහා ටිම් බර්නර්ස් ලී සහ ඔහුගේ ‘ ලෝක ව්‍යාප්ත ජාල පදනම’ ‘කන්ට්‍රෑක්ට් ෆෝ ද වෙබ්’ යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කළේය. මේ වනවිට ෆේස්බුක්, මයික්‍රෝසොෆ්ට් සහ ගූගල් යනාදිය ඇතුළු සමාගම් 160 ක සහාය ඊට හිමිව ඇතැයි වාර්තා වේ.
ඊට අමතරව තනි තනි පුද්ගලයන්, ප්‍රංශය, ජර්මනිය සහ ඝානාව යනාදී රටවල් ඇතුළු පාර්ශව රැසක් සමාරම්භක මූලධර්මවලට අත්සන් තබා ඇත.
සෑම අයකුටම අන්තර්ජාලයට ප්‍රවේශවීමට ඇති හැකියාව සුරක්ෂිත කිරීම, ජනතාවගේ අන්තර්ජාල පෞද්ගලිකත්වය සහ දත්ත අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් බවට පත් කිරීම, ඒවා ආරක්ෂා කිරීම ඒවාට ගෞරව කිරීම යනාදී යෝජනා ද ටිම් බර්නර්ස් ලීගේ යෝජනාවලට ඇතුළත් වී තිබේ. එමෙන්ම අදාළ සමාගම් මානව හිමිකම්වලට ගෞරව කළ යුතු බවත් ඊට සහයෝගය දිය යුතු බවත් සඳහන්ව ඇත.
තනි පුද්ගල මට්ටමේදී ජනතාව සතුව වගවීමට ඇති බලය සහ ශක්තිමත් අන්තර්ජාල ප්‍රජාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබේ. එමෙන්ම බැහැර කෙරුණු පාර්ශව ඉලක්ක ගත කරමින් අපවාද නගන විට ඔවුන් ආරක්ෂා කිරීමට ද පියවර ගත යුතු බව ද සාකච්ඡාවට ලක්ව තිබේ.
ලෝක ව්‍යාප්ත ජාලය ආරම්භ කර වසර 30ක් පිරීම නිමිත්තෙන් ටිම් බර්නර්ස් ලී මේ වසර මුලදී විවෘත ලිපියක් ප්‍රකාශයට පත් කළ අතර සමානාත්මතාව, අවස්ථා සහ නිර්මානශීලීත්වය සහිත ලෝක ව්‍යාප්ත ජාලයක් වෙනුවෙන් සටන් කළ යුතු යැයි ලෝකයාගෙන් ඉල්ලා සිටියේය.
සී.එන්.එන්. ඇසුරිනි
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට හොඳම උදාහරණය ලංකාවෙන්, මීට කලකට පෙර මිත්‍යාවන් විශ්වාස කල ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් වර්තමානයේ මිත්‍යාවන් අදහති. ජානගත මිත්‍යාව වන පුනරුත්පත්තිය, හොල්මන් දෙවියන් ඇදහීම ව්‍යාජ දර්ශන මවා අන්තර් ජාලය හරහා බෙදා හරිමින් මිත්‍යාව වපුරයි.
තිමෝති බර්නස් ලී මහතාගේ මම දකින වැදගත්ම දේ තමයි නිර්ව්‍යාජත්වය සහ ලෝකයා සමග බෙදා හදාගැනීම. එතුමා www ලෝක ව්‍යාප්ත ජාලය හඳුන්වා දෙන්නට කලින් අපට තිබුනේ අන්තර්ජාලය පමණයි. එය ඇත්තටම විශ්ව විද්‍යාල, අන්තර් ජාතික ආයතන වැනි සීමාසහිත ආයතන කිහිපයක තොරතුරු හුවමාරුවට පමණක් සීමා විය. ටීම් බර්නස් ලී තම www ප්‍රොටෝකෝලය හඳුන්වා දෙන විට එතුමා වචනයෙන් කිව නොහැකි උතුම්ම පරිත්‍යාගයක් කළේය. එනම් www සඳහා කිසිම පේටන්ට් බලපත්‍රයක් අයදුම් නොකිරීමයි. එය එතුමා හිතාමතාම කල ලෝක පරිමාණයේ පරිත්‍යාගයකි. හිතන්න www වෙත පිවිසෙන්නට " ශතයක් " අයකලා නම් අද ලෝකයේ සිටින පළමුවෙනි කොටිපතියා වන ජෙෆ් බෙසොස් ගේ තැන සිටින්නේ මේ කියන අපේ කතා නායකයායි. ඉතාම නිහතමානි විද්‍යාඥයෙක් ලෙස කාගේත් ගෞරවය දිනාගත් මෙතුමා ස්විට්සර්ලන්තයේ "සර්න් " විද්‍යාගාරයේ ජ්‍යෙෂ්ට පරිගණක විද්‍යාඥයෙක් ලෙස සේවය කරන අතර අදටත් තම පැරණ ෆොක්ස්වැගන් වාහනය පාවිච්චි කරයි. එතුමා මිනිස් සංහතිය වෙනුවෙන් කල සේවය සඳහා එංගලන්තයේ මහා රැජින විසින් එතුමාට " නයිට් " නාමයක් පිරිනමන ලදී.
තමන් විසින් සොයාගත් අන්තර්ජාල තාක්ෂණයට පේටන්ට් බලපත්‍රය පවා නොගත් මෙතුමා එම තාක්ෂණය ජනසතු කළේය. එහෙත් මෙතුමාගේ ඒ නිහතමානි තීරණය අද ලෝකයට අමතක වී තිබේ. පොඩ්ඩක් හිතුවොත් මෙතුමා එදා පේටන්ට් බලපත්‍රය හිමිකර ගත්තා නම්, 20 වසරක් යනතුරු එනම් 1983 සිට 2003 දක්වා අන්තර්ජාලයට තනි අයිතිය ඔහුට ලබා ගැනීමට තිබුණි එසේ වූවා නම් අද මිහිතලයේ සිටින පළමු තනි ට්‍රිලියනයට ආසන්නම ව්‍යවසායකයා මෙතුමා වන්නට ඉඩ තිබිණි.
බෙදීම් හා බෙදා වෙන් කිරීමට සහ පීඩාව, සහතික ඇත්ත. මේවා තමා අපේ රටෙත් මෑතක සිද්ද වුනේ.
ගැටලුව තියෙන්නේ යුටියුබ් සහ මුහුණු පොතේ අයිතිකරුවන් ඒවා හරියට නියාමනය නොකිරීමයි. දේශපාලන මඩ, අන්තවාදය, වද හිංසා, තර්ජන සහ බොරු දේවල් කිසිම ආකරයකින් පාලනය කරන්න ක්‍රමයක් ඔවුන් තුල නෑ. විශේෂයෙන්ම වැඩිය පාවිච්චි නොවෙන භාෂා වලින් දේවල් යෙදුවහම..
අන්තර්ජාලයේ නෙමේ වෙබ් අඩවි වල නිර්මාතෘ. අන්තර්ජාලය ඇමරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අන්ශයක් (DARPA).