( චන්දන ප‍්‍රනාන්දු )
වෙන්නප්පුව පොලිස් බල ප‍්‍රදේශයේ තෝප්පුව දන්කොටුව මාර්ගයේ අද (20) අලුයම සිදු වු අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ දන්කොටුවේ පදිංචි රෝෂාන් ප‍්‍රදීප් (35) නැමති අයෙකි.
අද (20) අලුයම 12 ට පමණ තෝප්පුව දෙස සිට දන්කොටුව දෙසට ගමන් ගත් යතුරුපැදියක් තඹරවිල ප‍්‍රදේශයේ දි එක්වරම මාර්ගය දෙසට පෙරළිමේදි පිටුපසින් එම දෙසටම ධාවනය වු මෝටර් රථයක ගැටි බරපතල තුවලා ලැබු යතුරුපැදිකරුව මීගමුව රෝහලට ඇතුල් කිරිමේදි මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙම අනතුර සම්බන්ධයෙන් තඹරවිල පදිංචි මෝටර් රථයේ රියදුරා සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරුට