(නිමන්ති රණසිංහ)
ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සමගාමීව ඉකුත් 24 සහ 25 වැනිදා යන දෙදින තුළ අන්තරේ සිසුන් විසින් පවත්වනු ලැබූ විරෝධතා ව්‍යාපාරයෙන් කිසිදු රාජ්‍ය දේපලකට හානිවීමක් හෝ සාමය කඩවීමක් සිදුනොවූ බව කොටුව පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (25) ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් එම අන්තරේ සිසුන් එම උද්ඝෝෂණ ව්‍යාපාරය අවසන් කර ඇති බැවින් මෙම නඩු කටයුත්ත අවසන් කරන ලෙසට කොටුව පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය.
මෙහිදී විරෝධතාකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ නුවන් බෝපගේ මහතා සදහන් කර සිටියේ, කොටුව පොලීසිය අධිකරණයෙන් ලබාගත් නියෝග අවභාවිත කරමින් ජනතාවට හානි වන ආකාරයෙන් උල්කටු සහිත මාර්ග බාධක යොදා තිබූ බවත්, එය කිසිසේත් යුක්ති සහගත නොවන බවත් ය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පොලීසියේ ඉල්ලීම මත එම නඩුව අවසන් කිරීමට අවසර ලබා දුන්නේය.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් රාජ්‍ය දේපල වලට හානි සිදු වීමට ඉඩ ඉඩකඩ ඇති බැවින් එය නවතා දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ කොටුව පොලිසිය ඉකුත් 23 වැනිදා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූණී.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වැළැක්වීම සඳහා තමන්ට නියෝග නිකුත් කළ නොහැකි යැයි එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ජේ. ප්‍රභාකරන් මහතා පොලීසියට දැනුම් දෙමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණී.
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (01) වගන්තිය ප්‍රකාරව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලවල පිරිස ඇතුළු වගඋත්තරකරුවන් 16 දෙනෙකුට එරෙහිව කොළඹ කොටුව පොලීසිය අධිකරණයෙන් මෙම ඉල්ලීම ඉල්ලා තිබුණේ 24 සහ 25 යන දෙදින තුළ මෙම උද්ඝෝෂණ පැවැත්වෙන බවට සඳහන් කරමිනි.
එන්. එච්. ඒ. වටරවුමේ සිට චෛත්‍ය පාර, එන්. එච්. ඒ. වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් හන්දියේ සිට යෝක් වීදිය, ජී ඕ එච් හන්දිය දක්වා බැංකු මාවත, සෙරමික් හන්දියේ සිට එන් එච් ඒ වටරවුම දක්වා ලෝටස් මාවත, පහල චැතැම් වීදිය, ජී එම් එච් හන්දියේ සිට ප්‍රධාන මාවත සහ ලේඩියෙන් බැස්ටියන් මාවත යන ප්‍රදේශවලට උත්තරකරුවන් ඇතුළු පිරිසට ඇතුළුවීම තහනම් කරන ලෙසට ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර එහිදී අධිකරණය එම නියෝගයන්ට අවසර ලබාදී තිබිණී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘‘අන්තරේ විරෝධයෙන් දේපළ හානියක් නෑ‘‘