
(යොහාන් භාසුර)
අන්තර් පළාත් බස් රථ නිෂ්චිත නැවතුම් පොළ නියමු ව්‍යාපෘතිය මේ මස 15 වැනිදා සිට ආරම්භ වන බවත් එම ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ පළමුවෙන්ම ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (12) පැවසීය.
මගීන් බස් රථයට ගොඩකරගැනීම සම්බන්ධයෙන් දුර ගමන් සේවා බස් රථ සහ කෙටි දුර බස් රථ අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වීමට පිළියමක් ලෙස මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව කී මිරැන්ඩා මහතා 2019 වසරේ අනුමැතිය ලැබී තිබූ නව සංඥාාවක් සහිත පුවරු මේ වන විට සවි කරමින් ඇති බව ද සඳහන් කළේය.
ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ (සැලසුම්) ආලෝකා කරුණාරත්න මහත්මිය පැවසුවේ අන්තර් පළාත් බස් රථ නැවතුම්පොළවල් ලෙස කොළඹ සිට ගිංතොට දක්වා ස්ථාන 37 ක් හදුනාගෙන එම ස්ථානවල මාර්ග දෙපස නව පුවරු සවිකර ඇති බවත් සාමාන්‍ය බස් නැවතුමේ ලාංඡනය වන කළු පැහැති බස් රථය සහිත සංඥාා පුවරුව තිබෙන ස්ථානවල අන්තර් පළාත් බස් රථ නැවැත්විය නොහැකි බවත් ඇය පවසන්නීය.
කහ පැවැති බස් රථ ලාංඡනය ඇති ස්ථානවල පමණක් අන්තර් පළාත් බස් රථවලට නැවැත්විය හැකි අතර කෙටි ගමන් සේවා බස් රථවලට ද එම නැවතුම්වල බස් රථය නැවැත්විය හැකි බව කී කරුණාරත්න මහත්මිය එය අනුගමනය නොකරන බස් රථවලට සාමාන්‍ය නීතිය සහ ජාතික ගමනා ගමන කොමිසමේ නිර්දේශ අනුව කටයුතු කරන බව ද සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියන වැඩක් නම් නෙවෙයි. මගීන් තවත් රස්තියාදු කරන වැඩක්. කෙටිදුර නැවතුමේ සිට දුර බස් නැවතුමට මගීන් තවත් බස් එකක හෝ පයින් යායුතුයිනේ...
මේවා හරියට අකුරටම ක්‍රියාත්මක වෙනවා නම් මට කියන්න තියෙන්නේ ‘‘පුදුමයි.. ඒත් ඇත්තයි ‘‘ කියලයි.
හොඳම උදාහරණය... දෙහිවල ඉඳන් කොටකොට එන 100/101 වගේ එකකට නගිනවාට වඩා මිනිස්සු ඉක්මනට එන්න තමා දුර බස් වල එල්ලෙන්නේ.. විනාඩි 20 දුර බස් එකක් කොටුවට එනවා නම් අනික් ඒවා එන්න විනාඩි 45ක් විතර යනවා... මහලොකුවට රටේ produtivity ,time management ගැන කතාකරන මහ මිනිස්සු මේ පොඩි දේවල් හිතන්නේ නෑ. මෙතන බලන්නේත් තමන්ගේ හිතවත් බස් හිමියාගේ පොකට් එක ... මිනිස්සුන්ගේ කාලය ගැන කිසිම වගකීමක් නැති මේ බස් රටේ ඉන්ධන ප්‍රශ්නෙටත් වගකියන්න ඕන. කිසිම ප්‍රතිපත්තියක් නැති, තියන ප්‍රතිපත්තිත් එකිනෙකට නොගැලපෙන හැප්පෙන මේ රට කවදා හැදෙයිද?
ප්‍රයිවෙට් බස්වලට බස් හෝල්ට් කියල එකක් නැතිබව ඔය නෝනා දන්නේ නැතුව ඇති. කවුරු හරි කොතැනකදී හරි අත දැම්මොත් එතැන තමයි හෝල්ට් එක. ඉස්සෙල්ලා ඒවා හදලා ඉන්න...
කරලා බලන්න. හරිගියොත් අටපට්ටමට කියන්න.
කොට කොටා යන එකට පිළියමක් ඒක, නමුත් ක්‍රියාත්මක වෙයිද කියලා හිතන්න අමාරුයි...
බස්රථවල 90%ක්ම ටිකට් ලබානොදෙන බව සඳහන් කළ යුතුව ඇත.