
(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද සවස සංවිධානය කොට තිබූ විරෝධතා පෙළපාලියකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් උද්ගත විය .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටවී විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කොට ඇති නව පනත් කෙටුම්පතට එරෙහිවත් එම විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපතිවරයා මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාට මරණීය තර්ජන තර්ජන එල්ල කිරීම ඇතුළු හේතුගණනාවක් මුල්කරගනිමින් මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කොට තිබූ විරෝධතා පෙළපාලියක් මහනුවර නගරය දක්වා පැමිණීමට නියමිතව තිබූ අතර ඊට එරෙහිව පොලිසිය අධිකරණ නියෝගයක්ද ගෙන තිබුණි .
කෙසේ නමුත් එම අධිකරණ නියෝග ද නොතකා විශ්වවිද්‍යාල සිසුන් සවස 04.30 වන විට ඔවුන් සැලසුම් කොට තිබූ අයුරින්ම එම විරෝධතා පා ගමන ආරම්භ කළ අතර ඊට විශ්ව විද්‍යාල සිසුන් දහසකට අධික ප්‍රමාණයක සහභාගිත්වයෙන් පැමිණි විරෝධතා පෙළපාලිය පැරණි පේරාදෙණිය පාරේ දන්ත පීඨය අසලට පැමිණෙත්ම පොලිස් නිලධාරීන් පොලිස් නිලධාරීන් පන්සියයකට අධික ප්‍රමාණයක් පන්සියයකට අධික ප්‍රමාණයක් යොදවා මාර්ගය අවහිර කොට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ දැඩි උණුසුම්කාරී තත්වයක් උදාවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පාසල් යන අවධියේත්, සරසවි යන අවධියේත් දැන් රැකියා කරන අවධියේත් අන්තර මෝඩ රැලේ මේ "අධ්‍යාපනය විකිණීමේ" විහිළු සහගත බෝඩ් ලෑල්ල දැක ඇත්තෙමු. ඒම සහ නෑම ඔවුන්ට ප්‍රියජනක කටයුත්තක් වූවාට දැන් දැන් තමන්ගේ දරුවන් රජයේ විශ්ව විද්‍යාලවලට නොඑවීමේ ප්‍රවණතාවක් දෙමාපියන් තුළ ඇති වී ඇත්තේත් මේ හාදයින් නිසායි. ඒ අරුතින් නම් නිදහස් අධ්‍යාපනය වනසන්නේ එය රැක ගැනීමට යයි කියා රාජ්‍ය දේපල වනසන පෙසපේ සහ ජවිපෙ අන්ධ අනුගාමිකයන්ගෙන් සුසැදි අන්තර අහිනයි.
මේ නම් පුදුම කාලකණ්ණි ටිකක්...