IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘අනතුරු ඇඟවීම් හේතුවෙන් දෙසැම්බරයේ සංචාරක පැමිණීම් අඩුවෙලා’

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය,  ජර්මානු තානාපති කාර්යාලය ඇතුළු බටහිර තානාපති කාර්යාල ශ්‍රී ලංකාවේ ඇති වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය හේතුවක් කරගනිමින් සංචාරක  අනතුරු ඇඟවීම් නිකුත් කිරීම නිසා දෙසැම්බර් මාසයේදී සංචාරක පැමිණීම් අඩු වී ඇතැයි මෙරට පදිංචි වී සිටින ජර්මානු ජාතික සමාජයීය විද්‍යාඥයකු සහ ආයෝජකයකු වන ඩීට්මර් ඩෝරින්ග් මහතා පැවැසීය.

නත්තලත් සමයත් දෙසැම්බර් මාසයත් යනු ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන සමයක් යැයි ද ඩීට්මර් ඩෝරින්ග් මහතා කීය. 
 
“නත්තල් සමයේදී සහ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා සත්කාරක හා සංචාරක ක්ෂේත්‍ර විශාල ආදායම් උපයනවා. එහෙත් මෙවර රටට එම ආදායම අහිමි වුණා” යැයි ඔහු කීවේය. 
 
“පසුගිය 2017 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක ක්ෂේත්‍රයම අතිවිශාල සංචාරක පැමිණීම්වලින් ප්‍රතිලාභ ලැබුවා. එම වසරේදී ලොව සෑම රටකින්ම පාහේ සංචාරකයන් මෙරටට පැමිණියා. පසුගිය වසරේදී හෝටල් සහ නවාතැන්පළවල් සියල්ලම පාහේ සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගියා. අවාර සමයේදී සංචාරක පැමිණීම පහත වැටෙන බැවින් සංචාරකයන් පැමිණෙන සමයේදී ඉන් හැකිතාක් ආදායම් ඉපැයීම ඉතා වැදගත්. එහෙත් මෙවර එසේ සිදුවුණේ නැහැ” යැයි ද ඔහු කීවේය.  
 
මෙම දෙසැම්බර් මාසය ශ්‍රී ලංකා ඉතිහාසයේ සංචාරක පැමිණීම් අඩු වූ මාසය සහ ආදායම් දරුණු ලෙස පහත වැටුණු මාසය ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි ද හෙතෙම කීවේය. විශේෂයෙන්ම බටහිර තානාපති කාර්යාල සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සහ ඒවා ඔවුන්ගේ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කිරීම දෙසැම්බර් මාසයේදී සංචාරක පැමිණීම් පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ද ඔහු කීවේය. 
 
ඬේලිමිරර් ඇසුරිනි

(055)



අදහස් (2)

‘අනතුරු ඇඟවීම් හේතුවෙන් දෙසැම්බරයේ සංචාරක පැමිණීම් අඩුවෙලා’

menna Wednesday, 26 December 2018 01:18 PM

හැමදාම සංචාරකයන් ගැනම බලන් ඉන්නේ නැතිව, රට ඇතුලේ ආර්ථිකය කැරකෙන ක්‍රමයකුත් තිබුණොත් හොඳයි. රට ඇතුලේ ඉන්න මිනිසුන්ගේ භාණ්ඩ හා සේවාවන්ට හොඳ මිල ගණනක් ලබා දීලා බදු ලෙස රජයට අාදායමකුත් ලබාගෙන එම මුදල්ද සමාජ සේවා සඳහා යොදාගෙන දුකක් කරදරයක නැති රටක් ලෙස කටයුතු කරන්න පුළුවන් ක්‍රමයක් තිබුනොත් හොඳයි.

:       0       3

Prof. Dr. Edward Perera Germany Thursday, 27 December 2018 02:42 AM

ලෝකයේ ඕනෑම රටකට අනෙකුත් අංශ සම්බන්ධයෙන් මෙන්ම සංචාරක කර්මාන්තයටත් ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. ශ්‍රී ලංකාවට එවැන්නක් ඇත්ද කියාත් කුකුසක් . රජයක් වෙනස් වු විගසම ආණ්ඩු පක්ෂයේ හෙන්චයියෙකුට සංචාරක දෙපාර්තමේන්තුව බාර දෙනවා පමණක් නොව ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයන් ලෙස පත් කරන්නෙත් ඥාතීන් සහ හිතවතුන්ය. මේ ක්ෂේත්‍රයේ සුදුසුකම් ලැබූ අය පක්ෂ පදනමක් යටතේ නොව වෘත්තීය පදනමක් යටතේ පත් කරන්නේ නම් ඔවුන්ට ඒ රටවල රජයේ නියෝජිතයින් සමග මෙන්ම සංචාරක ආයතන සමග සම්බන්ධතා ගොඩ නංවා ගැනීමට හා විදේශීය භාෂාවන්ද ප්‍රගුණ කර ගැනීමට ඉඩකඩ ලැබෙනවා ඇත. ඔවුන් තමන් පත්කරනු ලැබූ රටවල ආයතන සමග ඇති කරගන්නා විශ්වාසයද මෙහිදී වැදගත්ය. විදේශීය තානාපති කාර්යාල වැඩ කරන්නේ (formal ) තත්වයන් යටතේය ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයන්ට ඒ ඒ රටවල නිලනොවන (non-formal )සංවිධාන හා පුදගලයින් සමග ගොඩනංවා ගන්නා සම්බන්ධතා තුලින් ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා යම් වැඩ කොටසක් කල හැකියි. බටහිර රටවලට හිතවත් නැති ආණ්ඩුවක් බලයට පත්වූ පසු ශ්‍රී ලංකාව සංචාරකයින්ට අනතුරු දායකයි යන ප්‍රචාර වලට ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රිකව මුහුණ දිය යුතුයි

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 33 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site