
(ඩයනා උදයංගනී)
වත්මන් රජය හා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පාස්කු ප්‍රහාරයට අදාළව සාධාරණයක් ඉටුවෙතැයි බලාපොරොත්තු විය නොහැකි බවත් ඉදිරියේදී පත්වන රජයකින් හෝ යුක්තිය ඉටුවන තුරු බලාසිටින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
පාස්කු ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකළ රාජ්‍ය නායකයන් සහ උසස් නිලධාරීන් ආරක්ෂා කර උසස්වීම් ලබාදෙමින් වත්මන් රජය එය විහිළුවක් කර ඇතැයිද කාදිනල්තුමෝ සඳහන් කළහ.
වත්මන් රජය තමන්ට දුන් පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කර නැතැයි ද කාදිනල්තුමෝ කීහ.
පාස්කු ප්‍රහාරයට අදාල සියලුම කොමිෂන් වාර්තා සමීක්ෂණය කර ජාතික කතෝලික ජන සන්නිවේදන කොමිසම විසින් සම්පාදනය කරන ලද "තිත" නම් ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් කාදිනල්තුමෝ මේ බව පැවසූහ.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (19) පැවැත්විණි.
ශ්‍රී ලංකා රදගුරු රදගුරු මණ්ඩලයේ සභාපති දේව ධර්මාචාරය වින්ස්ටන් ප්‍රනාන්දු අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකෙරිණි.
පාස්කු දින ප්‍රහාරයට වසර තුනක් පමණ ගතව ඇතත් ඒ වෙනුවෙන් යුක්තිය ඉටුවූ බවක් පිළිගත නොහැකි බව කී කොළඹ අගරදගුරුතුමෝ මේ සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති සාක්ෂිද රජය සහ නීතිපතිවරයා විසින් සඟවා ඇතැයි පැවසූහ.
නීතිපතිවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම හේතුවෙන් යුක්තිය ඉටුනොවන තත්වයකට පත්ව ඇතැයි ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවෙනුත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. UNP/සබජ දෙකම එකයි. ඒ ආණ්ඩුව තියෙන කාලේ තමයි බෝම්බ පිපුරුවේ. JVP ත් වැඩක් නැහැ. බෝම්බකාරයින් ඒ ගොල්ලන්ගේ ජාතික ලැයිස්තුවේ හිටියා. දැන් ඔබතුමාලා ත්‍රස්තවාදී පනතටත් විරුද්ධ නිසා, ත්‍රස්තවාදීන්ගේ ආණ්ඩුවකින් පිහිටුවලා බලන්නද හදන්නේ..?
ඔය පරීක්ෂණ හරියට කළොත් එවකට සිටි සහ දැනට බලයේ සිටින පුද්ගලයින් විශාල පිරිසක් හිරේ යනවා. කවුද කැමැති හිරේ යන්න? එමනිසා ඔවුන් තිබෙන බලය යොදවලා ප්‍රශ්නය යට ගහනවා. මේක බලය ගන්න කළ කුමන්ත්‍රණයක්...
ඒ ඉතින් දේව රාජ්‍යෙයන් පමණයි පියතුමනි..!
ඊළඟ සැරේ උදේම ගිහින් ගහන්න එපාද?
මෝල් ගහෙන් දළු එනතුරු... කළු කපුටා සුදුවන තුරු...
ඒ ආණ්ඩුවෙත් අරයා කොටස් කරුවෙක් වුණොත් හිටං?
ඔබතුමා බලාපොරොත්තු වන ආකාරයට විසඳුමක් ගන්නනම් ඔබතුමාම බලය ගන්න ඕනෑ.
පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් කරන මුවාවෙන් ආණ්ඩුවකර ඇත්තේ බොරු සංදර්ශනයක්. අන්තිමට වැරදිකාරයෙක් නැහැ. එහෙනම් පාස්කු ප්‍රහාරය ක්‍රියාකාරිකයෙකු නැතිව ඉබේ සිදුවෙන්න ඇති... ඒක නොවෙයි වැඩිය විස්තර සහිතව ප්‍රහාරයට කිවයුත්තන් හෙව්වොත් තෝරු මෝරුත් අහුවෙනවා. ඒ නිසා මහජන සංදර්ශනයක් විදියට නිලධාරීන් දෙදෙනෙකු පමණක් අල්ලගෙන නඩු ඇසුවා. මේ රටේ කවදාවත් යුක්තිය ඉටුවෙන දේවල් බලාපොරොත්තු වෙන්න අමාරුයි.
ඉදිරියේදී ලංකාවේ ජනතාවට පාස්කු ප්‍රහාරයට වඩා දරුණු ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවේවි...
පාස්කු වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට ඔබවහන්සේ ගත් උත්සාහය දැඩිසේ අගයකරමි. කෙසේවුවත් ඔබවහන්සේම පවසන පරිදි මේ රජය හෝ වත්මන් නීතිපති යටතේ සාධාරණත්වයක් අපේක්ෂා කළ නොහැකි බව සක්සුදක් සේ පැහැදිලිය. මක්නිසාද යත්, රට පාලනය කරන්නෙත් දාමරිකයන්ය. නීතිය වල්වැදී ඇත.
ලංකාවේ රාජ්‍ය නිලධාරීන් අතින් වෙන වැරදිවලට හිරේ දැම්මොත් ඉතින් රටෙන් භාගයක් හිරේ. කා.කා.ස ඉඳන් ලේකම්ලා දක්වා දවස ගානේ මිනිස්සු මරන්න දායකවෙන තරම හොයලා බලන්න. රාජ්‍ය සේවක මාෆියාව මිනිස්සු බිලිගන්න එක නවත්තන්න මොන පක්ෂයද පොරොන්දු දුන්නේ...? තැපැල් ඡන්ද ටික බලාගෙන ඉන්නේ...
දැන් එතකොට තමුන්නැහැලාට ඉස්ලාම් අන්තවාදීන් හොඳයිද? ඒ වගේම ලංකාවේ එහෙම අන්තවාදයක් නෑද දැන්? මොකද තමුන්නැහැලා කවදාවත් ඒ අන්තවාදයට විරුද්ධව කථා කරනවා අහලාම නෑ. අපිට තේරිලා තියෙන්නේ පාස්කුව ඉස්සරහට දාගෙන තමන්ගේ පෞද්ගලික දේශපාලන කෝන්තර පිරිමහගන්න හදන බව විතරයි.
ඇත්තටම සාධාරණය වෙනුවෙන් ඊළඟට බලය ගන්න ඉන්න සජිත්, අනුර වැනි අයත් යම් විධියකින් බලය ගත්තොත් කවදාවත් මීටවඩා දෙයක් නම් කරන්නේ නැහැ. ඔවුන් දෙදෙනාම පම්පෝරි ගැහුවාට මේ ගැන හරි කෙලින් ඇහුවොත් උත්තර නැතිනිසා මොකක් හරි බොරුවක් කියලා හෙමිහිට, මග හරිනවා. නඩුවකට අදාළ කරුණු හරි විදියට ගොනු නොකර ඉදිරිපත් කළාම අන්තිමේදී වෙන්නේ උසාවියේදී නඩුව නිෂ්ප්‍රභා වෙන එකයි...
ඉදිරියේදී බලයට පත්වන රජයකින් කිව්වේ.. එජාප / සබජ කොහොමත් වෙන්න බෑ. මොකද ප්‍රහාරය එල්ල වුනේ ඔවුන්ගේ කාලයේ නිසා. අනික කොහොමත් අපේ රටේ ජනතාව මේ දෙගොල්ලන්ගෙන් පිට කෙනෙක් ගැන හිතුවේත් නෑ. මේ යන විදියට හිතන එකකුත් නෑ. එහෙම නම් ඔබතුමන්ලාගේ මීලග අපේක්ෂාව කවුද..?
ඇහැට ඇහැ නේද පියතුමනි...?
එකම විසඳුම ජාතික ජන බලවේගය.. ජේවීපි පමණි..
මෙයා UN එකට ගෙනිය යුතුයි. ලංකාවේ මිනිස්සු පාත්කරන්නේ මිනී මරන, කුඩු විකුණන දේශපාලකයෝ...
ඔය ප්‍රහාරය ගැන මෙයත් දැනගෙන ඉඳලා තියෙනවා...!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධ වෙමින්ම ත්‍රස්ත ක්‍රියාවලින් සාධාරණත්වයක් අපේක්ෂා කළ නොහැකිවාක් මෙන්ම, අපට අවශ්‍ය කෙනා ඉලක්කකර ගනිමින් දඬුවම් පැමිණවීමට උත්සාහ කිරීමද සාධාරණත්වය නොවේ. අති බහුතරයක් බෞද්ධයින් සිටින අප රටේ පසුගිය කාලය පුරා බෞද්ධ සිද්ධස්ථානවලට සිදුකළ ත්‍රස්ත ප්‍රහාර ගැනත්, අදටත් ඒ බොහොමයක් සඳහා වැරදිකරුවන් හඳුනාගෙන නොමැතිවීම සහ වැරදිකරුවන් හඳුනා ගත්තද සාක්ෂි නොමැති වීම මත වැරදිකරුවන් නොවී කෙතරම් සිද්ධි ඇත්දැයි බුද්ධිමත් ජනතාව පරීක්ෂාකාරීව බලා සියළු කාරණා සැසඳිය යුතුයි. බෞද්ධ රටක බෞද්ධ සිද්ධස්ථාන විනාශකළ, බෞද්ධ භික්ෂූන් ඝාතනය කළ ත්‍රස්තවාදීන්ගේ අයිතිවාසිකම් ගැන හා එම ත්‍රස්තවාදය පැරද වූ විරුවන්ට දඬුවම් දීමට කැස කවන ජාත්‍යන්තරයක් වෙත මෙම ප්‍රශ්ණය රැගෙන යාමෙන් අපේක්ෂිත අරමුණු පිළිබඳවද විමසිලිමත් විය යුතුයි. එම ප්‍රහාරයන් සිදුවූ කාලයන්හිදී ත්‍රස්තවාදීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළවුන් පිළිබඳවද ජනතාව විමසිලිමත් විය යුතුයි. නීතිය අභිබවා ජනතාව අතරට වැරදි මත පැතිරීමේ නිදහස හිමි රටක ජනතාව කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි, යන්න හැමවිටම මෙනෙහි කළ යුතුයි...
පොහොට්ටු, යූඇන්පී, සජබ ආදී රටට අහිතකර පක්ෂ වල දැන් කාලය ඉකුත් වී ඇත. මේ පක්ෂ තුනෙන්ම ඔබතුමන්ලාට හා රටේ සියලුම ජනතාවට යුක්තිය, සාධාරණය ඉටු නොවන බව හොඳටම පැහැදිලියි. යුක්තියක්, සාධාරණයක්, එක නීතියක් හා රටේ දියුණුවක් ඇතිකර ගැනීමට ඇති එකම මාර්ගය ජේවීපී, ජාතික ජන බලවේගය බලයට පත් කර ගැනීම පමණි.
කාදිනල් පියතුමනි, පවතින රජයෙන් අවුරුදු 2ක් ඉවර වෙලත් කිසිම සාධාරණයක් නැහැ. ඉතිරි අවුරුදුත් එසේමයි. ඉදිරි අනාගත රජයක් කෙරෙහි විශ්වාසය තැබිය හැකියි... ජවිපය හෝ සජබය ආවොත්..එහෙත් SLFP හෝ UNP මේ අයත් එක්ක එකතු වුණොත්... එවිට කිසිම සාධාරණයක් නොවෙන බව නම් පැහැදිලියි. එම නිසා මෙයා පමා නොවී UN එකට ගෙනියන්න.
මේ වගේ අපත ආණ්ඩුවක් හැදුවට කියන්න ඕනේ... කරන්න තියෙන්නේ ලෝක නායකයින් හමුවී මේ ආණ්ඩුවට බලකර සිටීමයි
අති උතුම් කාදිනල්තුමනි, එහෙමනම් ජීවිතේට සිද්දවෙන දෙයක් නෙමෙයි. මොකද ලංකාවේ දේශපාලුවෝ කිසිවිටෙකත් විශ්වාස කළ නොහැකියි. එක එක්කෙනාගේ පිට කසාගන්නා ජාතියක්...