
(සුජිත් හේවාජුලිගේ )
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා චෙම්මනි සමූහ මිනී වළේ කැණීම් කටයුතු ඊයේ නිරීක්ෂණය කර ඒ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ අවස්ථාවට යාපනය මහෙස්ත්‍රාත් , යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ. ඉලන්කුමාරන්, රජීවන් ජය චන්ද්‍රමුර්තී, කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන මහත්වරුන් අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ නිලධාරීන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් , නීතිඥවරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් කුමාර සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල පුරා විද්‍යා විද්‍යාර්ථින්, වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥයෝ කණ්ඩායමක් එම සුසාන භූමියෙහි කැණිම් කටයුතු කරති.
මෙහිදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
චෙම්මිනි සමුහ සුසාන භුමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදු වෙනවා මෙහි පරීක්ෂණ කටයුතු කර යුක්තිය සත්‍ය සොයා අවසානයක් ළගා කරන්න රජයට අවශ්‍යයි.
අතුරුදහන් වු පුද්ගලයින් සදහා වු කාර්යාලය සහාය නොදන බවට කරනු ලබන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම වැරදියි. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ලබාදී තිබෙනවා. එහි කැණිම් කටයුතු සිදු කරනු ලබන ආකාරය නිරීක්ෂණය කළා. මෙහි කැණිම් කටයුතු සම්බන්ධයෙන් අපි සෑහිමකට පත් වෙනවා. කැණිම් කටයුතු වේගවත් කරනු ලබන ආකාරය පිළිබදව ගරු මහෙස්ත්‍රාත්තුමා සමඟත් විශේෂඥයින් සමඟත් සාකච්ඡා කළා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd