
(අංජුල මහික වීරරත්න)
නව අධ්‍යාපන ප්‍රතිසංසංකරණය තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
කිසිදු ලෙසකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළන්න කටයුතු නොකරන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
දිට්වා සුලිකුණාටුවෙන් ආපදාවට පත් හලාවත පාසල් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කාලීන අවශ්‍යතාවක් බව කී අග්‍රාමාත්‍යවරිය විවිධ දේශපාලන ක්‍රියාකාරීන් ජනතාව මුලාවට පත්කරමින් ඉතාම වැදගත් ප්‍රතිසංස්කරණයක් නතර කරන්න උත්සාහ කරන බව සඳහන් කළාය.
මේ නිසා ආසාධරණයක් වෙන්නේ තමන්ගේම දරුවන්ට යැයි ජනතාවට අවබෝධයක් නැති බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
"නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ ජනතාවගේ ප්‍රසාදය තව තවත් පළවෙමින් තිබෙනවා. අපි කිසිම ලෙසකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්න කටයුතු කරන්නේ නැහැ. තවත් ශක්තිමත්ව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු කරනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd