
(අමදෝරු අමරජිව)
ශිතකරණ ලොරියකින් අන්තරාදායක ලෙස ඩීසල් ලීටර් 2740ක් ප්‍රවාහනය කරමින් සිි අග්බෝපුර 87 පෙදෙසේදි පදිංචිකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කන්තලේ මුලස්ථාන පොලිස් නිලධාරිහු පවසති.
මෙම ඉන්ධන තොගය කන්තලේ ලංගම ඩිපෝවෙන් ලබාගෙන හිගුරක්ගොඩ ප්‍රදේශයට රැගෙන යද්දි කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයට ලද තොරතුරකට අනුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්.එම්.සිරිවර්ධන මහතාගේ මෙහෙයවිම මත මෙම වැටලිම සිදු කලේය.
බලපත්‍රයක් නොමැතිව අන්තරාදායක ලෙස ඉන්දන ප්‍රවාහනය යන චෝදනාව යටතේ සැකකරුවන් කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd