
(ඉන්දිකා රාමනායක)
සේවක වැඩ වර්ජනය හේතුවෙන් අධිවේගී මාර්ගවල ප්‍රවේෂපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවල යොදවා සිටින හමුදා භට පිරිස්වල රාජකාරි කටයුතු නිරක්ෂණ කිරීම සදහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (23) කොට්ටාව අධිවේගී පිවිසුමේ නිරීක්ෂණ චාරිතාවක නිරත විය.
සේවක වැඩවර්ජනය හේතුවෙන් අධිවේගී මාර්ගය භාවිතා කරන ජනතාව අපහසුතාවට පත්වීම වළක්වා ගැනීම සදහා යුද හමුදාපතිවරයා මෙලෙස එම කටයු සදහා යුද හමුදාව යොදවන ලදි.
කොට්ටාව සිට මාගම්පුර දක්වා වූ ඊ- 1 අධිවේගී මාර්ගයේ ප්‍රවේෂපත්‍ර නිකුත් කිරීම ඇතුළු කටයුතු සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරීන් 31 දෙනකු සහ සෙසු නිලයින් 233 කු යොදවා ඇති බව යුද හමුදාව පවසයි.
ඔවුන් එම කටයුතුවල නිරතවන ආකාරය නිරීක්ෂණය කිරීමට යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කොට්ටාව අධිවේගී පිවිසුම අසළ නීරීක්ෂණ චාරිකාවක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සම්පත් හූරාගෙන විකුණලා කන එකට හමුදාව සහයෝගය දෙනවාද...?
අපේ ගමේ ගමරාලට වංගෙඩියක් තිබ්බා. හැම වැඩේටම ගත්තෙ ඒක තමයි...
ඒ මිනිස්සු පාර වහලා ස්ට්‍රයික් කරලා නෑනේ. ඉතින් මොකද්ද වෙන අපහසුතාවය..?
මොන කෝලම්ද මේ... මේ අයට වෙන රාජකාරියක් නැද්ද?