(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී නවතා තිබූ ලොරි රථයක පිටුපස ඉන්ධන ලොරියක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි
අනතුරින් බරපතළ තුවාල ලැබුවේ බවුසරයේ ගමන් ගත් පුද්ගලයකු සහ ලොරි රථයේ රියදුරු බවත් පොලිසිය කියයි
එම අනතුරක් සමඟම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම දොඩම්ගොඩ කොටසේ වාහන ධාවනය රාත්‍රී 10 සිට අලුයම 6 පමණ දක්වා පැය 8 කට ආසන්න කාලයක් එම කොටස ව තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බව රථවාහන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය
කොළඹ සිට දෙනියායට අල, ලූනු තොගයක් රැගෙන යමින් සිටි ලොරි රථයේ ටයරයක ඇති වූ ආපදාවක් හේතුවෙන් ලොරිය කිලෝමීටර් 29 දශම 9 ප්‍රදේශයේ නවතා රෝදය මාරු කරමින් සිටියදී මුතුරාජවෙල සිට ගාල්ලට පැට්‍රල් ඉන්ධන ලිටර් 33000 රැගෙන යමින් සිටි බවුසරය ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අධිවේගය පැය 10ක් වැහෙයි
kuma Saturday, 28 May 2022 03:44 PM
ලංකාවේ බර වාහන කියන්නේ මරණ මංචක වගේ තමයි. වසරක් පාසා දුම් සහතිකය විතරක් නොව ටයර්, සොකට්සෝබර්, බ්රේක්ස් ආදී ප්‍රධාන අංගවත් තත්ව පරීක්ෂාවට ලක්කළ යුතුයි..