
(බිමල් ශ්‍යාමන් ජයසිංහ- )
සංචාරක මඟ පෙන්වන්නෙකු පැද වූ සුඛෝභෝගී මෝටර් රථයක් කිලෝමීටර් 31 දශම 1 දොඩංගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් කුඩා දැරියන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහනපොලිසිය කියයි.
තුවාල ලැබූවන් කළුතර නාගොඩ මහා රෝහල වෙත ඇතුළත් කරඇත. එයින් 56 හැවිරිදි කාන්තාවගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
ඊයේ (12) රාත්‍රී 11.45 ට පමණ මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය කියයි.
වැලිපැන්න පන්විල ප්‍රදේශයේ කුඩා දරුවන් ඇතුළු 12 කුගෙන් පිරිසක් අනුරාධපුර වන්දනාවේ ගොස් යළිත් අධිවේගී මාර්ගය ඔස්සේ නිවස කරා පැමිණෙමින් සිටියදී සංචාරකයන් පිරිසක් ගැනීම සඳහා ගාල්ල ප්‍රදේශය කරා යමින් සිටි මෝටර් රථය වෑන් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ රියදුරන් එළවන්නේ නිදිමතින්, වතුර බොමින්, ඔලුව අතගාමින්, රේඩියෝ එක හයියෙන් දමමින්, වේගයෙන් අඩුවැඩි කිරීම නිදිමත රියදුරෙකුගේ පෙරනිමිතියි.