IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


අධිවෙිගීයේ අනතුරින් බැංකු කළමනාකාරිණිය සහ මව මරුට

(සිරංගිකා ලොකුකරවිට සහ චන්ද්‍රසිරි ගුණසේකර)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට බද්දේගම අතරලොරියක් සහ වෑන් රියක් ගැටී සිදු වූ රිය අනතරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, අම්බලන්තොට, බැරගම පදිංචි, ලංකා බැංකුවේ බරවකුඹුක ශාඛාවේ සහකාර කළමනාකාරිය ලෙස කටයුතු කළ  සමරසිංහ කොඩිතුවක්කු ආරච්චිගේ උමේශිකා මධුමි (30) සහ ඇගේ මව එදිරිමුණි රීටා හැරියට් ද සොයිසා (56) යන දෙදෙනාය.

මෙම අනතුර සිදුව ඇත්තේ කුරුඳුගහහැතැප්ම පිවිසුමේ සිට ගාල්ල දෙසට කිලෝමීටර තුනක් දුරිනි.

මියගිය දියණිය තම මව වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගැනීම සඳහා ලංකා බැංකුවේ සුබ සාධන වෑන් රථයෙන් කොළඹ ගොස් ආපසු එන අතරතුර මෙම අනතුර සිදුව තිබිණි. 

(ඡායාරූප: චන්ද්‍රසිරි ගුණසේකර)



අදහස් (9)

අධිවෙිගීයේ අනතුරින් බැංකු කළමනාකාරිණිය සහ මව මරුට

DIleepa Friday, 05 January 2024 07:45 AM

මෙවැනි රිය අනතුරුවලට ප්‍රධාන හේතුව, හයිවේ එකේ කොට කොටා යන ලොරි... එහි අවම වේගයක් නැහැ..!

:       1       32

wickrama Friday, 05 January 2024 08:21 AM

මම ලංකාවට වෙලාවේ දැක්ක ඔය අදිවේගී මාර්ගයේ කිසිම ආලෝකයක් නැතිව නවත්වලා තියෙන රථ , එක්කෝ ඉතාම හෙමින් පදවන ලොරි රථ.. පාරටත් විදුලිය නැති නිසා හරිම බයානකයි වෙන රටවල ලොරි රථවලට වටේම විදුලිය කරලා තියනවා වාහනේ සහ දුර තියා අදුර ගැනීමට

:       0       49

චින්තක Friday, 05 January 2024 10:51 AM

සහතික ඇත්ත... මාර්ගය අධිවේගී වුණාට ඉදිරියෙන් යන ලොරියේ වේගය පැයට කිලෝමීටර් 40යි කියලා පේනවා. එම වේගය සාමාන්‍යයෙන් පැයට සැතපුම් විස්සයි කියන්න පුළුවන්... එහෙම නම් අධිවේගී කියන මාර්ගවල මන්දගාමී ලොරිවලට යන්න දෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් මහාමාර්ගවල තදබදය ඇතිවීමට මේ මන්දගාමී ලොරි ලොකුම හේතුවක් වෙනවාට අමතරව මාර්ග අනතුරු වලටත් හේතුවක් වෙනවා... මේවාට විකල්පයක් වහාම සැකසීම කරන්න ඕනෑ. බොහෝමයක් ලොරිවල පිටුපස කිසිම ලාම්පුවක් නොදැල්වෙන අවස්ථා අනන්ත තියෙනවා... එ නිසා සෑම ලොරියක්ම අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා අවසර දීමට පෙර ලාම්පු හරියට ක්‍රියාත්මක වෙනවද කියලා පරීක්ෂා කරන්න නියම කරන්න (ඉස්සර කැළනිවැලි දුම්රිය මාර්ගයේ මන්දගාමී දුම්රිය ගමන් ගැන කියලා තිබුනේ පෙම්වතුන් දෙදෙනෙක් කොළඹින් දුම්රියට නැග්ගොත් ඕපනායකදී බහින්නේ දරුවකු සමග කියලා තමයි... ඒ වගේම තමයි ලංකාවේ ලොරි ගමන් වෙන්නෙත් කියන්න බැරිකමක් නැහැ...)

:       1       24

Lakmal Friday, 05 January 2024 12:49 PM

මේ සිදුවීමේදී වෑන් රථය පිටුපසින් වැදිලා තියෙන නිසා වෙන්න පුළුවන්.. පළමු දේ වෑන් රථයේ රියදුරාට නින්ද යෑම... එවැනි අනතුරු ගණනාවක් පහුගිය දිනවල අහන්න ලැබුණා. විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල මෝටර් රථ ධාවනයේදී නින්ද යෑමේ සම්භාවිතාවය ඉතා ඉහළ බැවින් නිසි විවේකයක්... ගමන අතරතුර රියැදුරාට ලැබිය යුතුයි...

:       3       16

Rohana Friday, 05 January 2024 12:58 PM

අධිවේගී මාර්ගවල උපරිම වේගයක් වගේම අවම වේගයකුත් අවශ්‍යයි. ආරක්ෂිත ලාම්පු නැති වාහනවලට අවසර නොදිය යුතුයි ලාම්පු නැතිව හොරෙන් එන වාහනවලට විශාල දඩයක් ගැසිය යුතුයි. ප්‍රශ්ණයට විසදුම එයයි.

:       1       21

හෙළයා Lk Friday, 05 January 2024 01:42 PM

මියගිය දියණිය තම මව වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගැනීම සඳහා ලංකා බැංකුවේ සුබසාධන වෑන් රථයෙන් කොළඹ ගොස් ආපසු එන අතරතුර මෙම අනතුර සිදුව තිබිණි...!

:       14       3

නිහාල් Friday, 05 January 2024 05:44 PM

සුබසාධන වෑන් රථවලින් පවුලේ අයවත් අරගෙන යනවාද අනේ අපේ බදු මුදල්...!

:       0       0

විපරමා Friday, 05 January 2024 06:21 PM

ලංකාවේ අධිවේගී මාර්ගවල අනතුරු නිතරම වගේ අහන්න ලැබෙනවා. මේවා වළක්වා ගන්න නිසි පියවරක් ගතයුතුයි...!

:       0       0

Bamunuarachchi Sunday, 07 January 2024 06:10 AM

ප්‍රවෘත්ති වලට කියැවුනේ මැයගේ ස්වාමිපුරුෂයා මැයට ෆෝන් කළබව. එසේ කතා කරකර ආවා නම් මේක පුදුම නැහැ...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


ඡන්ද වැඩ කරන නිලධාරීන්ට හෙට නිවාඩු
2025 මැයි මස 07 15 0

පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතික






මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 839 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1258 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site