IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අධිවේගී මාර්ගවල එස්.ටීඑෆ් ළඟදීම ඉවතට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අධිවේගී  මාර්ගවලට අනුයුක්තව සිටින  පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්  175 දෙනා ඒ ස්ථානවලින් ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද (13)  පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බලකාය අධිවේගී මාර්ගවල කරන ලොකු දෙයක් නැති බවද  ඔහු සඳහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විශේෂ කාර්ය බළකාය අධිවේගී මාර්ගයේ කරන එකම දේ අනතුරක් වුණොත් ගින්නක් ඇතිවුණොත් කටයුතු කිරීම පමණක් බවත්  පසුගිය වසරේදී පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇත්තේ සිද්ධි  එකසිය හැට හතරකට පමණක් බවත්  අමාත්‍යවරයා පැවසීය.

ඕනෑම රටක ගිනි නිවීම සහ ගලවා ගැනීම කරන්නේ ගිනි නිවන හමුදාව බව පැවසූ අලස් මහතා  මහතා  පොලිස් විශේෂ කාර්ය බලකාය හැදුවේ එවැනි දේවල් කිරීමට නොවන බවත් අමාත්‍යවරයා කීවේය.

ටිරාන් අලස් මහතා මෙසේද පැවසීය

අධිවේගී මාර්ගවල ඉන්න පොලිස් විශේෂ කාර්ය බළකා පිරිසට අවුරුද්දකට කෝටි විසිහයක්  වියදම් කරනවා. ඒ අය  අනතුරක් වුණොත් එතනට යනවා නැත්නම් නිකං ඉන්නවා. කුඩු මාෆියාව නැති කරන්න අපිට විශේෂ කාර්ය බාලකාය අවශ්‍යයි. එම බලකායට 2000 ක්  අඩුයි. අධිවේගී මාර්ගවලට පොලිස් විශේෂ කාර්ය බළකාය   ගත්තේ කෙටි කාලයකට. ගිනි නිවන හමුදාවට ඒ කටයුතු කරන්න පුළුවන්. අපි දිනයක් දෙනවා. ඒ කාලය ඇතුළත එස්.ටී.එෆ්   එක ගන්න ඕන. පොලිසිය එතන ඉන්නවා. පොලිසිය අයින් කරන්නේ නැහැ

පොලිසියේ  පුරප්පාඩු 21,022 ක් තියෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදාහක් තියෙනවා. ඒ  පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.



අදහස් (2)

අධිවේගී මාර්ගවල එස්.ටීඑෆ් ළඟදීම ඉවතට

Perera Thursday, 14 December 2023 06:35 AM

හරියට ඇමති ලොකු දෙයක් කරනවා වගේ

:       0       1

Bamunuarachchi Friday, 15 December 2023 06:14 AM

පරිස්සමින්! එදාම කුඩු තොගයක් ප්‍රවාහනය උනොත් ඔබතුමාට චෝදනාවක් එනවා කුඩු ප්‍රවාහනයට ඉඩ දුන්න කියලා. කොහොමත් සතුටු වෙනවා තව රන්ජන් විජේරත්න බිහි වීම ගැන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site