IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අධිවේගී මාර්ගයෙන් එස්.ටි.එෆ් සෙබළුන් ඉවතට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අධිවේගී මාර්ගය ආරම්භ කළ දින සිට   සේවය කළ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අද (11) සිට ඉවත්කර ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අනුයුක්ත කර ඇතැයි  මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.

අධිවේගී මාර්ගවල සිදුවූ අනතුරුවලදී ගිනි නිවීමේ සහ ජීවිතය ගලවා ගැනීමේ කටයුතුවල නිරත පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන්  ඉවත් කරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා  මාර්ග සංවර්ධන අධිකාරියට මීට මාස කිහිපයකට ඉහතදී ලිඛිතව දන්වා තිබිණි.

මේ වන විට මුළු අධිවේගී මාර්ග කොට්ඨාසේම ගැලනිගම, සීදුව, කුරුඳුගහ හැතැක්ම, පින්නදූව හා සූරියවැව ආදී කඳවුරු පහක   පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් 200කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යොදවා තිබුණි.

 



අදහස් (5)

අධිවේගී මාර්ගයෙන් එස්.ටි.එෆ් සෙබළුන් ඉවතට

මැක්ස් Monday, 11 March 2024 05:40 PM

රඛ්නා ලංකා එක අල්ලගෙන කාලයක් ගෝඨාට මඩ ගහ ගහ හිටියා වගේ මතකයි.

:       8       5

Bamunuarachchi Tuesday, 12 March 2024 09:40 PM

මැක්ස් කන්න හිතුනම මුන්ට කබරගොයාත් තලගොයා වෙනවා.

:       0       0

Perera Tuesday, 12 March 2024 05:02 AM

ටෙන්ඩර් කැඳවලාද හිතුමනාපෙටද රක්නා එකට කොන්ත්‍රාත් එක බාරදීලා තියෙන්නේ...? ඕකෙ ලොක්කා නම්දරාපු කෙනෙක් නේද?

:       0       0

geeth Tuesday, 12 March 2024 08:11 AM

මෙතැන පොලිසියේ පිරිස් හිඟවෙලා තියෙන්නේ අධිවේගී මාර්ග සම්බන්ධ දේවල් හින්දාම නෙවෙයි, ප්‍රභූ ආරක්ෂක කටයුතුවලට අනවශ්‍ය ලෙස සැලකිය යුතු නිලධාරීන් පිරිසක් යොදාගෙන තියෙනවා. එතකොට පොලිස් ස්ථානවල රාජකාරි වලට යොදාගන්න නිලධාරීන් හිඟයි. කලින් පොලිසිය බාර අමාත්‍ය වෙලා හිටපු සරත් වීරසේකර මහතාගේ අවධානයත් මේකට යොමුවුණාට ඒ වෙනුවෙන් දෙයක් කරගන්න බැරිවුණා..

:       0       0

roshan Tuesday, 12 March 2024 09:02 AM

රක්නා ලංකා රජයට අනුබද්ධ රජයේ සමාගමක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site