(අනීෂා මානගේ)
අධිවේගී මාර්ගය තරම් විවේචනයට ලක්වූ වෙනත් ව්‍යාපෘතියක් මේ රටේ නැතුව ඇති. හරියට මහ ගහක් වගේ. ගහට කොටන්න එන පොරෝකාරයාටත් ගහ හෙවණ දෙනවා. ඒ වගේ තමයි මේ පාරත්” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැවසීය.
අගමැතිවරයා මෙසේ පැවසූයේ මාතර සිට මත්තල දක්වා ඉදිකළ නව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බරවකුඹුක දක්වා කොටස ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, රොහාන් රත්වත්තේ, ඩලස් අලහප්පෙරුම යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර පාලටුව අධිවේගී පිවිසුමේ සිට මැති ඇමතිවරුන් ඇතුළු පිරිස අඟුණකොළපෑලැස්ස බරවකුඹුක අධිවේගී පිටවීමේ දොරටුව දක්වා පැමිණියහ.
බරවකුඹුක අධිවේගී පිවිසුම ආසන්නයේදී උත්සව සභාව පැවැති අතර එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේය.
‘‘අධිවේගී මාර්ගය තරම් විවේචනයට ලක්වූ වෙනත් ව්‍යාපෘතියක් මේ රටේ නැතුව ඇති. හරියට මහ ගහක් වගේ. ගහට කොටන්න එන පොරෝකාරයාටත් ගහ හෙවන දෙනවා. ඒ වගේ තමයි මේ පාරත්.
මේ පාර විවේචනය කරන්න එන අයත් විවේචනය කරලා පාර හදපු අපිව ගෙදර යැවූ අයත් අද යන්නේ මේ පාරෙ. ඒ පාරෙ ඇවිත් තමයි අපිට බැනල යන්නේ. පාර හදන්න ගිය වියදමින් රත්තරන්වලින් කාපට් දාන්න පුළුවන් කියූ අයත් හිටියා.
2015 ආණ්ඩුව පෙරලන්න කතා කරන්න ගියෙත් හයිවේ එකේ බව පස්සේ කාලෙදි ලොකුවට කිව්වා. හයිවේ එකේ යන ගමන් සැටලයිට් ෆෝන් එකෙන් කතා කරල තමයි ආණ්ඩුව පෙරලුවේ. රටට වෛර කරන පිරිසට දැන් මේ රටේ ජනතාව නැවත ස්ථානයක් හදල දීල තිබෙනවා.
අධිවේගී මාර්ගය හදනකොට කළ එක් විවේචනයක් තමයි මේ වගේ මාර්ගවලින් කාටද ප්‍රයෝජනයක් තිබෙන්නේ. සමහරු මාළු ගෙනියන්න කිව්වා. අද මේ ව්‍යාපෘතියෙන් වැඩිපුරම ප්‍රයෝජන ගන්නෙ ලොකු මිනිස්සුද කියල මම අහනවා.
අද මේ හයිවේ එක වැහුවොත් රටට මොකක් වෙයිද. රට පස්සට යනව නේද. මොනතරම් රටේ කටයුතු අවුල් වෙයිද මේවා හිතන්න. අපිට විවේචන ආවේ නිකන් නෙවෙයි. අපි මේ කළ ව්‍යාපෘතියෙන් දිස්ත්‍රික්ක තුනක ජනතාවට සේවයක් ලැබුණා.
කොළඹ, කළුතර, ගාල්ල. ඒවායි මුලින්ම සම්බන්ධ වුණේ. මේ රටේ සියයට පහලොවක ජනතාව ජීවත් වුණේ ඒ දිස්ත්‍රික්ක තුනෙයි. දැන් මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකත් මෙයට සම්බන්ධ වෙනවා. කතරගමට ගියාම පාර අවසන් වෙද්දී ඌව පළාතත් සම්බන්ධ වෙනවා.
මේ පළාත් නැගිටිනවට අකමැති දේශපාලකයෝ ඉන්නවා. අධිවේගී මාර්ගයේ තලගොයි, කබරගොයි දැක්කේ මේ අයයි. මම මේවා කියන්නේ හේතු ඇතුවයි.
2005 චන්ද්‍රිකා මැතිණිය ඉන්න ආණ්ඩුවේ ඉද්දී අධිවේගී මාර්ගයට මුල්ගල් තියල ඇවිත් නාමයෝජනා බාර දීලා මම අත්සන් කළේ. අද අපේ උපන්ගමට අධිවේගී මාර්ගය සම්බන්ධ කරනකොට නැවතත් ජනාධිපතිවරයා මාව අගමැති විදියට නම් කර තිබෙනවා.
මම එදා මහාමාර්ග ඇමතිවරයා විදියට වැඩ බාරගත්තේ එහා කෙළවරේ ඉඳලා මෙහා කෙළවර දක්වා නිදහසේ යන්න බැරි රටක. ඒවා දැන් හුඟක් අයට අමතකයි. මන්නාරමේ මඩු දේවස්ථානයට යන පාර අලුතින් හදාදෙන්න කියා මගෙන් ඉල්ලීමක් කළා. ඉතාමත් හොඳ තත්ත්වයේ පාරක් මම හදල දුන්නා.
මන්නාරමේ බිෂොප්තුමා මට ආරාධනා කළා එම මාර්ගය විවෘත කරන්නට. එදා අපේ රටේ සටන් විරාමයක් ක්‍රියාත්මකව තිබූ කාලයක්. මේවා හුඟක් අයට දැන් අමතකයි. උතුර නැගෙනහිර යනවා නම් කොටින්ගෙන් අවසර ගන්න ඕනෑ. මඩු පාර විවෘත කරන්න නම් මට ලියුමක් දෙන්න කිව්වා කොටි නායකයාට. අගමැතිතුමා වුණත් කොටින්ගෙන් අවසර නැතුව යන්න හම්බවෙන්නෙ නැහැ කියලා ලියුමක් ඉල්ලුවා. මම කිව්වා අගමැති විදියට පාර හදලා ඒකෙ යන්න මට එල්.ටී.ටී.එකෙන් අවසර ගන්න ඕනෑ නැහැ කියලා.
මම එහෙම අවසර ගන්නෙත් නැහැ කිව්වා. හැබැයි එහෙම අවසර ගන්නෙ නැතුව මට ඕනෑ විදියට පාරෙ යන්න දිනයක් මම වැඩිකලක් යන්න කලින් හදල දෙන්නම් කිව්වා. ඒ වගේම මඩුවලට යන්න අපි යුද්ධය අවසන් කරන්න එදායි අපි තීරණය කළේ. එදා සිට අපි පාරවල් හදන්න පමණක් නෙවෙයි. හදපු පාරවල්වල නිදහසේ යන්න පුළුවන් තත්ත්වයකුත් මේ රටේ ඇති කළා. ඉදිරියටත් අපි මේ රටේ පාරවල් හදනවා වගේම ඒ පාරවල්වල නිදහසේ යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. මැතිවරණයේදීත් මිනිස්සු අපෙන් ඉල්ලුවේ ඒකයි.
අධිවේගී මාර්ගයේ පළමු කොටස ගාල්ල දක්වා ඉදිකරලා ඉතාම ඉක්මනින් ජනතාවට අපි බාර දුන්නා. ඒ දවස්වල දින කිහිපයක් පයින් යන්න බයිසිකල්වලින් මිනිස්සු ඉල්ලුවා. ඒකට අවස්ථාව අපි දුන්නා. මිනිස්සු සතුටු වුණා.
යහපාලන ආණ්ඩුව බලයට ආපු ගමන් මත්තල ගුවන්තොටුපොළ වී ගබඩාවක් කළේ නිකන් නොවෙයි. මත්තල ගුවන්තොටුපොළ පාවිච්චි කරන්න බැරි විදියට විනාශ කළා. වී ගබඩා කරලා වීවලට කළ අපහාසය, අපේ සංස්කෘතියට කළ අපහාසය පමණක් නෙවෙයි ගුවන්තොටුපොළට කළ විනාශයට වග කියන්න ඕනෑ කවුද.
මොකක්ද දකුණත් එක්ක තිබෙන වෛරය. අද වෙනකොට ගුවන්තොටුපොළේ තිබෙන වටිනාකම ලෝකයට දැනී තිබෙනවා. කොරෝනා රෝගීන් ආවාම ඒ අය නිරෝධායනය කරන්න පහසුකම් ඇතුව රටට ගත්තේ මත්තල හරහා.
හම්බන්තොටට වරායක් ඕනෑ කියලා තීරණය කළේ එදා ඩී.ඒ.රාජපක්ෂ ඉන්න කාලෙයි. මේක අපිට කතා කළේ ඒ අයයි. නමුත් මේක කරගන්න බැරි වුණා. අපිට චීන රජයෙන් විශාල මුදලක් ලබා දුන්නා. ඒවායින් තමයි අපි මෙය කළේ. වරාය හදද්දි මෙය දකුණෙන් එහාට අරගෙන යන්න ගොඩක් අයට ලොකු වුවමනාවක් තිබුණා. හැබැයි අපි විශාල බාධා, ද්‍රෝහිකම් මැද්දේ දකුණට වරායක් හැදුවා.
යහපාලන ආණ්ඩුවක් ආපුගමන් කළේ ඒවා විකුණලා දාපු එකයි. දැන් කියනවා විකුණුවේ නැහැ අනූනව අවුරුද්දකට බදු දුන්නාලු. හෙක්ටයාර පන්දහසක්. මේවා මේ රටේ ජනතාවගේ දේපළයි. මේ තත්ත්වය ඇති කරගත්තේ කවුද. මිනිස්සුන්ට බොරුව පුරවලා ඇති කළ වෛරය එදා 2015දී පිටකළා.
අපිව පැරදුනේ නැහැ. අපිව පැරැද්දුවා. ජාත්‍යන්තර කුමන්ත්‍රණත් මේවා ඇතුළේ තිබුණා. මම ඒවා ගැන කතා කරන්නෙ නැහැ. අපි කවදත් පෙදු ජනතාවගේ දේශපාලන වුවමනාවන් තේරුම් අරගෙන වැඩ කළ අයයි.
ඒ වෙනකොට තිබුණ තිබුණ භීෂණකාරී යූඑන්පී ආණ්ඩුවට එරෙහිව කොළඹ සිට කතරමට පාදයාත්‍රා ගියා. කොළඹ ඉඳන් තිබෙන හැම ගල් කැටයක්ම මම පාගා තිබෙනවා. හන්දිවල තිබෙන පිච්චෙන මිනී දැක්කා අපි. මේවා අරගෙන අපි ජිනීවාත් ගියා. ජනතාවගේ දුක් අහගෙන අපි කිව්වා. එදා මම ජනතාවගේ දුක් අදෝනා අහගෙන ගිය මුළු දුරම අද වර්තමාන පරපුරට අධිවේගී මාර්ගයේ සැපපහසුවට යන්න සැලස්වන්න පුළුවන්කම ලැබුණු එකට අපි සන්තොස වෙනවා.‘‘ යැයි අගමැතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කියන දේ ඇත්ත....
වැඩිම විවේචනය වුනේ මත්තල ගුවන්තොටුපල මහින්ද ගෝඨාට රට කරගෙන යන්න දෙන්නේ නැහැ. තවම පට්ට හොරුටික වටේට තියාගෙන රට විනාශ කරනවා. මහින්ද ඉවත්වෙලා ගෝඨාට දුන්නොත් හරි...
අධිවේගී මාර්ගය තරම් ගසා කෑ වෙනත් ව්‍යාපෘතියක් රටේ නැහැ
මොකද නැත්තේ...හම්බන්තොට වරාය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය එහෙම.
හේතුවත් ඔබතුමා දන්නවනේ ඉතින්....
අර ගොල්ල කරපු වැරදි නිවැරදි කරන්න දැන් වෙලාව ඇවිත් තිබෙනවා
ලස්සන වැඩේ කියන්නේ අධිවේගී මාර්ගයේ 100යට යන ගමන් බනින්නේ විවේචන කරන්නේ... ගමන අවසානයට ගිහිල්ලා කියන මිනිත්තු 45 ආවා කියලා. ඊට පස්සේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන ගමන් කියනවා මේ මාර්ගයට කිලෝමීටරයකට මෙපමණ මුදලක් ගියා... එ්ක අපරාදේ.. අපි එහෙම කරන්නේ නැහැ. හැබැයි ඔවුන්ට අවුරුදු 4 1/2 ටම මුල්ගලක්වත් තියා ගන්න බැරිවුණා.
කට්ටිය කෝටිපතියන් වුණෙත් ඕවා නිසානේ... නේද මහින්ද මහත්තයෝ?
රටේ මුදල් වලින් රටේ සම්පත් දියුණු කරලා ගන්න නායකයින් දැනගන්න ඕනෑ. නායකයින් පත් කර ගන්නේ ඒ නිසයි. අධිවේග මාර්ග හදනකොට, නායකයින්ගේ පහළ ඉන්න කට්ටියගේ පවුල් ජීවිත. සීඝ්‍රයෙන් දියුණු වෙන්නේ කොහොමද? හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටුණා කියන්නේ ඕවට... කිසිම පක්ෂයකට හෑල්ලුවට කතා කරන්න බැහැ... උජාරුවෙන් මේ මුදල් ජනතාවගේ බදුමුදල් වලින් කිසිම නායකයෙක්ට උදම් අනන්න බැහැ. මේවා කෙරුවේ අපි කියලා. මෙහි මූලික සැලැස්මේ මේ ඉඳලා. වැඩ කරපු ඉංජිනේරු මහත්වරුන් පිදිය යුතුයි. ඒ කට්ටියව මල්මාලා දමලා පිළිගන්න. නමුත් කවදාවත් ඒ දේ වෙන්නේ නැහැ...
නමුත් මේවා දැන් යල් පැන ගිය සංකල්ප අද කාලයත් එක්ක බැලුවහම. මේ ක්‍රමය එක්ක නාගරික තදබදය වැඩිවෙනවා. විශේෂයෙන්ම කොළඹට ඇතුලු වෙන වාහන වැඩි වෙනවා. දැන් ඕන පොදු ප්‍රවාහනය වැඩි දියුණු කරන්න පුලුවන් සැහැල්ලු දුම්රිය වැනි ක්‍රම.
රාජපක්ෂලා කලේ අධිවේග මාර්ග හදලා අධිවේගයෙන් මහජන මුදල් ගසා කාපු එකයි. උදාහරණ ඕනෑතරම් උසාවිවල නඩුවලින් පේනවා. එ් නිසා දරුණු විවේචන ලැබෙන එක සහතික ඇත්ත...
මේ කතා කරන්නේ බයිලා. හැබැයි අද පිළිඅරගෙන තියෙනවා ජිනීවා ගිහින් කරපුවා. එදා ජිනීවා හොඳයි. අද හොඳ නෑ. අපිට එදත් අදත් හොඳ නෑ. අනික මේ කියන බයිලා අතරේ අධිවේගී මාර්ග සහ වරාය ගැන කියනවා. මේවා පට්ට බොරු. අපි ඉතිහාසය දන්නවා. පත්තරේ දානවා නම් ලියනවා. ඇත්ත තමයි මේ අධිවේගී මාර්ග ජාලය ගැන ඉස්සෙල්ලාම කතා කලේ යූ.ඇන්.පී ආණ්ඩුව වීම... ඒ බොහෝ කාලයකට කලින්. ඒ අතරේ තමයි A.N.S කුලසිංහ මහත්මයා කටුනායකට යන්න අර්ධ වශයෙන් පාර හැදුවේ. එ්ක සාර්ථක වුනේ නැහැ. 1990 න් පස්සේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ දක්ෂිණ අධිවේගයට මුල් ගල තිබ්බේ. මහින්ද පාරේ කොටසක් මාතරට හැදුවට මේ කොටස හැදුවේ යහපාලන ආණ්ඩුවෙන්. එ්ක මීට කලින් සිරිසේන විවෘත කළ එකක්. එ්ක හැදීමේ ගෞරවයවත් යහපාලන ආණ්ඩුවට දෙන්න තරම් නිහතමානී නැහැ. දැන් බලමු මෙයාලා කොහෙන්ද නුවර කොටසට සල්ලි හොයාගන්නේ කියලා. අනික හම්බන්තොට වරාය රාජපක්ෂලාගේ අදහසක් නෙමෙයි. සුප්‍රසිද්ධ මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ ආරියශීල වික්‍රමනායක මහතාගේ අදහසක්. ඔහු තමයි මෙහි වැදගත්කම ගාමණී දිසානායක ප්‍රමුඛ එ.ජා.ප රජයට කියලා තිබ්බේ. ඒ ගැන රනිල් වික්‍රමසිංහ මහතා හොඳින් දන්නවා. මේ කියන්නේ බොරු...
හයිවේ හැදුවට කවුරුත් විවේචනය කළේ නැහැ. 225 විපක්ෂයේ ඉන්න සෙට් එක විවේචනය කරන්න ඇති. එ්ක ඉතින් 225 එකනේ... රටේ මිනිස්සු විවේචනය කලේ මහා පරිමාණයෙන් හයිවේ වලින් ගසා කාපු එක...
මෙතුමා කුල කියනවා, වැඩ කරපුවට, ඒකට තමයි පත්කරලා තවත් වතාවක් පත්කලේ. ගැහුවා නම් ඒක ඔබතුමාගේ හිත දන්නවා. හොඳ තියෙනවා. ඒත් අධිවේගය දැකලාවත් නැති මිනිස්සු අති විශාල කොටසක් දුක් විඳින බව අමතක කරන්න එපා...
අගමැතිතුමනි, ඇත්තටම රටේ අඩුමමිලට හොඳින්ම දෙන්න පුළුවන් ප්‍රවාහන ක්‍රමය දුම්රිය නොවේද? රට වටේටම විදුලි දුම්රිය මාර්ග දමලා ප්‍රධාන ස්ථානවලින් බස් පටන් ගන්න දැම්මා නම්... රටේ ප්‍රවාහනයට ඇත්ත විසඳුම අධිවේගී මාර්ග නොවෙයි නොවේද?
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ... අපේ හාන්දුරුවනේ...!
තිබෙනවා නොරොච්චෝලේ විදුලිබලාගාරය සහ අර අලි ඉන්න කැලේ කපලා හදපු ගුවන්යානා එන්නේ නැති ගුවන් තොටුපල... මේවා ඔක්කොම වැරදි සංවර්ධන තීරණ..., ප්‍රශ්නෙකට තිබෙන්නේ මෙම සල්ලි විශාල පොලියකට ණයට ගනිපු එක... සල්ලි තිබිලා මේවා හැදුවා නම් කමකුත් නැත. මේවා දැන් ගෙවන්නේ කොහොමද?
හරි හේතුව මෙයාම දන්නවා. ලෝක ඉතිහාසයේ අධිවේගී මාර්ගයක් ඉදිකිරීමේදී කිලෝමීටර 1ක් වෙනුවෙන් වැය වූ වැඩිම මුදල මේ සඳහා වැයකළා. ඒක මහාපරිමාණ වංචාවක්, හොරකමක්... රටේ සල්ලි දෙමාපියන්ගෙන් ලැබුණු බූදලයක් නොවන නිසා ජනතාවට පරම අයිතියක් තියෙනවා මේ ගැන කතාකරන්න.
ලංකාවේ හැම හන්දියක් ගානෙම මිනිස්සු ඉවක් බවක් නැතුව කඩ හදනවා. ඊළඟට පුද්ගලික බැංකුත් තරඟෙට වගේ ශාක විවෘත කරනවා. අවුරුදු 4-5 යනකොට එතන නගරයක් වෙලා.. මාර්ග තද බදයක් නිකන්ම නිර්මාණය වෙලා කරුණාකර ඉවක් බවක් නැතුව කඩ සහ ගෙවල් හදන එක නතර කරන්න. සෑම ප්‍රදේශයකම කඩ සාප්පු ඇති කරන්න මාර්ග පහසුකම්, ඉඩකඩ ඇති ඇති මහා මාර්ගය අසල නොවෙන ස්ථානයක් වෙන් කරන්න. යුරෝපයේ සිදුවෙන්නේ මේ විදිහට, එහෙ හැමපාරක් අසලම තමන්ට කැමති කැමති විදිහට කඩ හදන්න දෙන්නේ නැහැ.
ඔන්න පටන්ගත්තා... ඔය ගිහින් තිබෙන්නේ එතනෝල් ජොනි ඇතුළු පිරිවරම.., යුද්ධය දිනලා ඉතා විශාල ජන ප්‍රසාදයක් ලබලා තිබුණු ඔබතුමාගේ රජය වැටෙන්න එක හේතුවක් නිසි සැලැස්මක් නැතුව අරම්භකළ ගුවන්තොටුපල, නිතරම ක්‍රියාවිරහිත වන නොරොච්චෝලේ විදුලිබලාගාරය වැනි දේවල් සහ ඔය වටේ ඉන්න මිනිස්සු එම සංවර්ධන ව්‍යාපාරවලින් නොසෑහෙන ලෙස කොමිස් ගැහීම සහ ජාතික ධනය සූරාකෑම... මිනිස්සු දැන් ටිකටික ගෝඨාභය මහත්මයා ගැන විශ්වාසය තබලා... එතුමා සමග රට ක්‍රමයෙන් ගොඩනගමින් ඉදිරියට යන්න හදන අවස්ථාවේ ඔය පරණ හොරු ටික ඉස්සරහට දමාගෙන ඔබතුමා බොරු පාරම්බාන්න ලැහැස්ති වෙන්න එපා. අපි කවුරුත් දන්නවා ඔබතුමා රනිල්, රවී සහ අර්ජුන මහේන්ද්‍රන් එක්ක හොඳ බව, එ්ක නිසා තමා ඔබතුමා දැන් මහබැංකු හොරු ගැන වචනයක්වත් කියන්නේ නැත්තේ? මිනිස්සු ඔය පරණ හොරුන්ට කැමති නැහැ... බොරු නම් බලන්න.. මෙදාපාර පොහොට්ටු ලිස්ට් එකට පැරෂුට්වලින් බස්සන්න වියත්මගේ සාමාජිකයින් සියලු දෙනාවම මිනිස්සු මනාපේ ගහලා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවනවා...