IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අධිවේගී මාර්ග විකුණන්නේ බදු දෙන්නේ නැහැ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අධිවේගී මාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ හෝ නැතැයි ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

එසේම සේවකයන් කිසිවකුගේ රැකියා අහිමි නොවන බවද ඔහු සඳහන් කළේය.

අධිවේගී මාර්ගවල සේවකයන්ගේ වැඩවර්ජනය හරහා රටේ ආදායම අහිමි කිරීමේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වන්නේ නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍යවරයා රාජ්‍ය ආදායම අහිමි කිරීම සහ මේ සේවකයන් කරන තර්ජන පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇතැයිද  ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අමාත්‍යාංශ නිවේදන ඉදිරිපත් කරමිනි.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක කාරකාදීන් වර්ජනයක යෙදිලා ඉන්නවා. අධිවේගී මාර්ගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමට පවා ඉඩ දීලා නැහැ. ඒවා ඔවුන් බාරයට ගෙන තිබෙනවා.මේවා රාජ්‍ය දේපළ. මේ දේවල් නොකරන ලෙසට අපි දැනුම් දීලා තියෙනවා. ඒ රාජ්‍ය දේපළ  ආපසු බාර දීල හමුදාවට අවශ්‍ය සහාය දෙන්න කියලා ඉල්ලා සිටියා. රාජ්‍ය  ආදායම අහිමි වීම සහ මේ අය කරන තර්ජනය පිළිබඳව අපි පොලිසියට පැමිණිලි කළා. මෙතන මොනවා හරි කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිද්ධ වුණහොත් රාජ්‍ය ආදායමක් මැඩපැවැත්වීම සඳහා ක්‍රියාවක් සිදු වෙනවා නම් ඊට විරුද්ධව අපි ක්‍රියා කරනවා.

පොලීසියට සහ හමුදාවට යන්ත්‍ර යන්ත්‍රසූත්‍ර නැතුව ටිකට් පත්‍ර නිකුත් කිරීමට ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. රට ආර්ථික වශයෙන් පවතින තත්වය යටතේ ආදායමක්  මේ විදිහට අහිමි කිරීම බරපතළ අපරාධයක්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

අධිවේගී මාර්ග වල සේවය කරන දරුවන්ට විශාල බයක් තියෙනවා. මේ අධිවේගී මාර්ග විකුණන්න යනවා.ඒ අයගේ රැකියා නැති වෙයි කියලා මේකයි ප්‍රශ්නේ. අධිවේගී මාර්ග බදු දෙනවාද විකුණනවද කියලා මම ඇමතිතුමාගෙන් අහනවා.

ගුණවර්ධන මහතා

මාර්ග සංවර්ධන අධිකාරියේ එකම සේවකයෙකුගේ වත් රැකියා හිමි වන්නේ නැහැ. ස්ති ප්‍රතිඥාවක් දුන්නත් පිළිගන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ. අධිවේගී මාර්ග විකුනන්නෙ බදු දෙන්නේ නැහැ.

කිරිඇල්ල මහතා

සේවකයන්ට ඇත්ත කිව්වා නම් ඉවරනේ. එයාලට බයක් තියෙනවා. මමත් මහ මාර්ග  ඇමැතිවරයා විදිහට වැඩ කළා ..ඒ අය මට කතා කළා.අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නැතුව වංගු ගහනවා.

ගුණවර්ධන මහතා

මහා මාර්ග අධිවේගී මාර්ග මුදල් අමාත්‍යාංශය යටතට පවරාගෙන තියෙනවා. හැබැයි පරිපාලනය කරන්නේ අපි. කාගෙවත් රැකියා  අහිමිවන්නේ නැහැ.



අදහස් (6)

අධිවේගී මාර්ග විකුණන්නේ බදු දෙන්නේ නැහැ

රංබොඩ Wednesday, 22 November 2023 02:21 PM

අප්පට බොල කිරිඇල්ලගෙ දරුවොනෙ ඒකෙ වැඩ කරන්නෙ ? හරිම හුරතල් තාත්ති කෙනෙක් තමයි එයා නම්.

:       4       18

Amal Wednesday, 22 November 2023 02:27 PM

වැඩවර්ජනය පිළිබඳව පොලිසියට පැමිණිලි කළා. හැබැයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංචා සහ දූෂණ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න බැරියාව...!!!

:       1       16

wedage Wednesday, 22 November 2023 03:01 PM

පවරා දෙන්න පුළුවන්නෙ

:       0       7

Dayan Wednesday, 22 November 2023 08:03 PM

නීතියක් නැති රටක ඕවා සාමාන්‍ය දේවල්...!

:       1       5

රුචිර Thursday, 23 November 2023 08:36 AM

මෙයාට තවම ඔය ඇමතිකම තියෙනවද. අනේ රටකට ගිය කල.

:       0       0

Ruwan Niriella Thursday, 23 November 2023 11:57 AM

බන්දුල කියන්නේ කොහොමද විකුණන්නෙ නෑ කියලා. බන්දුල මහාමාර්ග ඇමති වුණාට රනිල් මහාමාර්ග විෂය රනිල්ගෙ යටතට අරගෙන ඉවරයි. ලංකාවේ විකුණන්න ඕනේ මොනවාද කියලා තීරණය කරන්නේ රනිල් මිසක් බන්දුල නෙමෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site