(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිවේගී මාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ හෝ නැතැයි ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
එසේම සේවකයන් කිසිවකුගේ රැකියා අහිමි නොවන බවද ඔහු සඳහන් කළේය.
අධිවේගී මාර්ගවල සේවකයන්ගේ වැඩවර්ජනය හරහා රටේ ආදායම අහිමි කිරීමේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වන්නේ නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍යවරයා රාජ්‍ය ආදායම අහිමි කිරීම සහ මේ සේවකයන් කරන තර්ජන පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇතැයිද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අමාත්‍යාංශ නිවේදන ඉදිරිපත් කරමිනි.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක කාරකාදීන් වර්ජනයක යෙදිලා ඉන්නවා. අධිවේගී මාර්ගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමට පවා ඉඩ දීලා නැහැ. ඒවා ඔවුන් බාරයට ගෙන තිබෙනවා.මේවා රාජ්‍ය දේපළ. මේ දේවල් නොකරන ලෙසට අපි දැනුම් දීලා තියෙනවා. ඒ රාජ්‍ය දේපළ ආපසු බාර දීල හමුදාවට අවශ්‍ය සහාය දෙන්න කියලා ඉල්ලා සිටියා. රාජ්‍ය ආදායම අහිමි වීම සහ මේ අය කරන තර්ජනය පිළිබඳව අපි පොලිසියට පැමිණිලි කළා. මෙතන මොනවා හරි කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිද්ධ වුණහොත් රාජ්‍ය ආදායමක් මැඩපැවැත්වීම සඳහා ක්‍රියාවක් සිදු වෙනවා නම් ඊට විරුද්ධව අපි ක්‍රියා කරනවා.
පොලීසියට සහ හමුදාවට යන්ත්‍ර යන්ත්‍රසූත්‍ර නැතුව ටිකට් පත්‍ර නිකුත් කිරීමට ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. රට ආර්ථික වශයෙන් පවතින තත්වය යටතේ ආදායමක් මේ විදිහට අහිමි කිරීම බරපතළ අපරාධයක්.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
අධිවේගී මාර්ග වල සේවය කරන දරුවන්ට විශාල බයක් තියෙනවා. මේ අධිවේගී මාර්ග විකුණන්න යනවා.ඒ අයගේ රැකියා නැති වෙයි කියලා මේකයි ප්‍රශ්නේ. අධිවේගී මාර්ග බදු දෙනවාද විකුණනවද කියලා මම ඇමතිතුමාගෙන් අහනවා.
ගුණවර්ධන මහතා
මාර්ග සංවර්ධන අධිකාරියේ එකම සේවකයෙකුගේ වත් රැකියා හිමි වන්නේ නැහැ. ස්ති ප්‍රතිඥාවක් දුන්නත් පිළිගන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ. අධිවේගී මාර්ග විකුනන්නෙ බදු දෙන්නේ නැහැ.
කිරිඇල්ල මහතා
සේවකයන්ට ඇත්ත කිව්වා නම් ඉවරනේ. එයාලට බයක් තියෙනවා. මමත් මහ මාර්ග ඇමැතිවරයා විදිහට වැඩ කළා ..ඒ අය මට කතා කළා.අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නැතුව වංගු ගහනවා.
ගුණවර්ධන මහතා
මහා මාර්ග අධිවේගී මාර්ග මුදල් අමාත්‍යාංශය යටතට පවරාගෙන තියෙනවා. හැබැයි පරිපාලනය කරන්නේ අපි. කාගෙවත් රැකියා අහිමිවන්නේ නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පට බොල කිරිඇල්ලගෙ දරුවොනෙ ඒකෙ වැඩ කරන්නෙ ? හරිම හුරතල් තාත්ති කෙනෙක් තමයි එයා නම්.
වැඩවර්ජනය පිළිබඳව පොලිසියට පැමිණිලි කළා. හැබැයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංචා සහ දූෂණ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න බැරියාව...!!!
පවරා දෙන්න පුළුවන්නෙ
නීතියක් නැති රටක ඕවා සාමාන්‍ය දේවල්...!
මෙයාට තවම ඔය ඇමතිකම තියෙනවද. අනේ රටකට ගිය කල.
බන්දුල කියන්නේ කොහොමද විකුණන්නෙ නෑ කියලා. බන්දුල මහාමාර්ග ඇමති වුණාට රනිල් මහාමාර්ග විෂය රනිල්ගෙ යටතට අරගෙන ඉවරයි. ලංකාවේ විකුණන්න ඕනේ මොනවාද කියලා තීරණය කරන්නේ රනිල් මිසක් බන්දුල නෙමෙයි