IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපනයේ වාහන 212ක් අතුරුදන්

(සුජිත් හේවාජුලිගේ )

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ  නමට ලියාපදිංචි කෙරුණු  මෝටර් රථ 212 ක්  අස්ථානගතවී ඇති  බව  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධානීන් විගණන නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ අදාළ ආයතනවලින් ඒ සම්බන්ධයෙන් තොරතුරු කැඳවීමට  කටයුතු  කෙරෙන බවයි.

අමාත්‍යාංශ ලේකම්ගේ නමට ලියාපදිංචි කෙරුණු  වාහන නිවැරදිව හඳුනා ගැනීමට කටයුතු කරන්නැයි  විගණන කාර්යාලය අධ්‍යාපන බලධාරීන්ට නිර්දේශ කර ඇත.

මේ අතර රජයට අයත් සෑම රථයක්ම භාවිත කරන ආයතන නමින් ලියාපදිංචි කළ යුතු වුවත් වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වාහන අටක් භාවිතා කළද ඒ සම්බන්ධයෙන් ඒ ආකාරයට   කටයුතු කර නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන්  අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් විගණනයට  පිළිතුරු ලබාදී නැතැයි  එම   වාර්තාවේ දැක්වේ.

චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කරන ලෙස විගණන අංශ  ඒ අනුව නිර්දේශ කර ඇත.

තවද 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලයේදී   භාවිතයෙන් ඉවත් කළ වාහන 2022 වර්ෂය  තෙක් අපහරණය  කර නොතිබූ බව විගණන අංශය පවසයි.

ඊටද අමාත්‍යාංශ  බලධාරීන් පිළිතුරු දී නොමැති  බව වාර්තාවේ සඳහන් වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය විසින්  අධ්‍යාපන අමාත්‍යාංශයේ  2022 කාර්යසාධනය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු වාර්තාවේය.



අදහස් (6)

අධ්‍යාපනයේ වාහන 212ක් අතුරුදන්

Amal Friday, 05 January 2024 08:27 PM

උනුත් එකයි, මුනුත් එකයි. රටේ ජනතාවගේ බදු මුදල් එක්කෝ හොර කනවා, නැත්නම් කාබාසිනියා කරනවා. ඔක්කොම අපතයින්...!!!

:       0       1

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Friday, 05 January 2024 08:58 PM

නිල ඇදුමක් නොමැති ගුරැවන්ට නිල ඇදුම් සදහා දීමනාවක් ලෙස පහලොස් කෝටි හැත්තෑ හත් ලක්ෂ හයදහස් හාරසිය පනස් අටත් දකුණු පළාතේ හිටපු අධ්‍යාපන ලේකම් වයි.වික්‍රමසිරි මහතා විසින් නීති විරෝධී ලෙස වැය කරන තිබෙන බව දැන දැනන් ඉන් කෝටි දහයක් විතර ගසා කා තිබෙන බව දැන දැනත් බලධරයින් තමවත් ඔහුට එරෙහිව නීති මගින් කටයුතු කර නැහැ. මමයි පැමිණිලිකරැ.ඒ පිළිබද මා මෙතෙක් අහපු එකම ප්‍රශ්නයකට වත් පිළිතුරැ දෙන්න බැරිවෙලා තියෙනව.අධ්‍යාපනයේ සිදුවන මේ ගැහිලි ගැනත් සොයල බලන්න.අනික ශිෂ්‍යත්වය මුවාවෙන් පළාත් සභාවල ගහන ගැහිලිත් සොයල බලන්න.ලමයින්ට තෑගි දෙනව කියල බාගෙන බාගයක් සාක්කුවට තමයි දාගෙන තියෙන්නෙ.මම වගකීමෙන් කියන්නෙ.මේ පිළිබදවත් සොයල බලන්න.මම තොරතුරැ පනත යටතේ අවශ්‍ය තොරතුරැ ඉල්ලලයි තියෙන්නෙ. අවශ්‍ය තැන්වලට පැමිණිලි කරන්න.

:       0       1

Rata Perata Friday, 05 January 2024 09:39 PM

තව අවුරුදු 5 ක් මේ කාලකන්නින්ටම බලය දෙන්න ඕන කියලා හිතෙන උන් අන් ඇවිල්ලද බලපල්ලා

:       0       1

පැරකුම් Friday, 05 January 2024 09:53 PM

ඔය විගණන වලින් මෙච්චරකාලෙකට වෙච්ච දෙයක් තියනවද? අපි නිකං ලේ පුච්චගන්නව විතරයි. පුලුවන් නම් වැරදි කාරයෙකුට දඩුවමක් දීල පෙන්නන්න.

:       0       1

සුමංගල Saturday, 06 January 2024 07:15 AM

ඇයි මෙහෙම වෙන්නේ කියලා බැලුවොත් අපේ අත්දැකීම් අනුව ජාතික මට්ටමේ අමාත්‍යාංශ විසින් දිස්ත්‍රික් මට්ටමේ දෙපාර්තමේන්තු කාර්‍යාල වලට වාහන ලබාදීම කළත් ලිඛිතව පැවරීම කරන්නේ නැහැ... එවිට දිස්ත්‍රික් නැත්නම් පළාත් කාර්‍යාලයේ තියෙන්නේ අමාත්‍යාංශ වාහනයක් ලෙසට අමාත්‍යාංශයේ තියෙන්නේ පළාත් සභාව සඳහා අනුයුක්ත කළා කියලා එහෙම දුන්නත් තවත් සමහර පළාත් සභා ඒවා අදාල දෙපාර්තමේන්තුවට නොදී ලේකම් බලතල යටතේ අමාත්‍යාංශයේ තියාගන්නවා... එහෙම ඒවා ගැන කියන්න පුළුවන් උදාහරණයක් හැටියට පරිවාසයේ දරුවන්ට ප්‍රයෝජනයට දෙන වාහනයක් ඔවුන්ගේ ප්‍රයෝජනයට නොදී අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ප්‍රයෝජනයට ගන්න අවස්ථාව තියෙනවා අධ්‍යාපනය වුණත් එහෙම තමයි.. එවිට කොළඹ අමාත්‍යාංශයේ අයවත් පළාත් නැත්නම් දිස්ත්‍රික් කාර්‍යාලයේ අයවත් වාහනය ගැන අවධානයට ගන්නෙ නැහැ. ඒක බරපතළ නාස්තියක් වෙනවා. මේනිසා අමාත්‍යාංශ විසින් ක්‍රියාත්මක වැඩ වලදී මෙවැනි කටයුතු නොවීමට තීන්දු තීරණ ගන්නවා නම් හොඳයි...!

:       0       1

Suman Udage Saturday, 06 January 2024 07:38 AM

අමාත්‍යාංශවල සියලුම ගනුදෙනුවල වගකීම දරන ගිණුම් නිලධාරියා වන එම ලේකම්වරුන්ට නීතිපතිවරයා විසින් නඩු පැවරිය යුතු අතර, එම වාහනවල මිල මහජන සොයාගැනීම් මගින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 69 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site