IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අධ්‍යාපනික ආයතනවලට ඩයලොග් විශේෂ පැකේජ

පවතින තත්ත්වය හමුවේ මෙරට අධ්‍යාපන පද්ධතියට සිදුවන බලපෑම හැකිතාක් අවම කිරීමේ අරමුණෙන් යුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් ආයතනික විසඳුම් සපයන අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් රටේ සියලුම සිසුන්ට හා ගුරුභවතුන්ට බාධාවකින් තොරව සිය ඉගෙනුම් ක්‍රියාවලියේ නිරතවීම සඳහා ඩයලොග් ටීචර්ස් පැකේජ නමින් විශේෂ පැකේජයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.

කොවිඩ්-19 තෙවන රැල්ල සමඟ දිවයිනේ සියලුම පාසල් සහ අධ්‍යාපනික ආයතන වසාදැමීමට පියවර ගෙන ඇති තත්වයක් තුළ ‘Zoom  සහ Microsoft Teams  වැනි  Online  මාධ්‍ය වැඩි වශයෙන් භාවිතයට ගන්නා පසුබිමක, දරුවන්ට බාධාවකින් තොරව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමට හැකියාව සැලසෙන බවට තහවුරු කිරීමට ඩයලොග් ආයතනය කටයුතු කරයි.

ඉහත සඳහන් කළ Online ක්‍රම දෙක ඉගෙනුම් සඳහා භාවිත කරන ඕනෑම අධ්‍යාපනික ආයතන සඳහා රු. 900 (+බදු) ක වටිනාකමකින් යුත් ඩයලොග් ටීචර්ස් පැකේජය රු. 600 (+බදු) විශේෂ මිලකට ලබාදෙන අතර, එය 30% ඉතිරියකි. මීට අමතරව එම අධ්‍යාපනික ආයතන විසින් ඩයලොග් හි රු.540/- Work & Learn Lite පැකේජයadd-on   කරගන්නේ නම් ගුරුවරුන්ට සහ අධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයන්ට ඉහත සඳහන් මාධ්‍ය  හතරින්  Online  ඉගැන්වීම් කටයුතු සඳහා Unlimited Data  හිමිවේ. තවද පාසල් සිසුන්ට බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ඔවුන් වෙනුවෙන් හඳුන්වාදුන් රු. 900 (+බදු) Dialog Home Broadband Starter , රු. 220ක් වටිනා Dialog Work & Learn Lite පැකේජයadd කරගැනීමේ පහසුවද සලසා දී තිබේ.



අදහස් (0)

අධ්‍යාපනික ආයතනවලට ඩයලොග් විශේෂ පැකේජ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site