(රංජන් කස්තුරි)
අධ්‍යාපනය කාලානුරූපීව වෙනස් විය යුතු යැයිද එය හැමදාම එකතැන තිබිය යුතු දෙයක් නොවන බවද අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
කොළඹ විශාඛා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක් වෙමින් අධ්‍යාපන ඇමතිවරයා එසේ කීවේය.
දකුණු කොරියානු ජන රජයේ ග්වන්ශ්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එම පරිත්‍යාගය කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත. නමුත් තවමත් කයිවාරු විතරයි වැඩ නැහැ.
මේ කතාව කියන්න සුදුසුකම් ඇති අය අතරෙන් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමා මේ ඇමති තුමා. මොකද "කාලානුරූපීව" දේශපාලන ගමන්මග කාලෙන් කාලෙට වෙනස් කරපු කෙනෙක් නිසයි අපට එහෙම හිතෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු කාලේ මෙතුමා "ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායම් ගෙනගිය බෙදුම්වාදී යුද්ධය නැවැත්විය හැක්කේ සාකච්චා මාර්ගයෙන් මිස සටන් කිරීමෙන් නොවේය" කියමින් ප්රභාකරන්ගේ කණ්ඩායම් සමඟ ලෝකය වටේ සාමසකචා පැවැත්වීම සඳහා ගියා අපට මතකයි. ඒ දවස්වල මෙතුමා ඉදිරිපත්කල සාම යෝජනාවලියට මිනිස්සු කිව්වේ " පොට්ටනිය" කියලයි. එදා එතුමාගේ එම වැඩපිළිවෙලට එහෙම කියපු මිනිස්සු එක්කම තමයි අද එතුමා "කලානුරුපීව" ජයට මඟුල් කන්නේ.