( නිශාන්ත කුමාර සහ ඩී කේ රත්න)

පිරිවෙන් ගුරුවරයෙකුට ස්ථාන මාරුවීමක් ලබා දීම සදහා රුපියල් පනස් දහසක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු හා  එම කාර්යාලයේ සේවය කරන ගුරු උපදේශකවරයෙකු  අද (10) සවස අල්ලස් හෝ දූෂණ මර්ධන විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි දෙහිඅත්තකණ්ඩිය පොලීසිය පවසයි.

 අත් අඩංගුට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ම පදිංචි   අවුරුදු 57ක් හා අවුරුදු 59ක් වයසැති අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු හා ගුරු උපදේශකවරයෙකි.

අල්ලස් හෝ දූෂණ මර්ධන විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.