IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


අධිකාරියේ අනුමැතියක් නෑ: ඖෂධ 38ක් හොර පාරේ ගෙනල්ලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික ඖෂධ අධිකාරියේ ඇගයීමකින් තොරව ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට 2022 වර්ෂයේදී  ලියාපදිංචි සහතික නිකුත් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී කෝප් කමිටුව තොරතුරු අනාවරණය වී ඇත.

මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2022, 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගිය 26 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය  අනායාචිත යෝජනා හරහා 2022 වසරේ දෙසැම්බර් මස 30  ඉදිරිපත් වූ ඖෂධ වර්ග 38 ආනයනය කිරීම සදහා සේවරිට්  නමැති පුද්ගලික සමාගමකට ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික නිකුත් කර ඇත්තේ ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව බව කාරක සභා සභාපතිවරයා සභාව දැනුවත් කළේය.

එමෙන්ම මෙම ඖෂධ වර්ග ආනයනය සම්බන්ධයෙන් පුර්ණ වර්තාවක් කාරක සභාව මගින් සකස් කර පාර්ලිමේන්තුව යොමු කරන බවත් ඉන් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ලබන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

එම ඖෂධ වර්ගවල ගුණාත්මක බව, ආරක්ෂාකාරී බව හා ප්‍රත්‍යක්ෂ බව (Quality, Safety, efficacy) සඳහා වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමේ අරමුණ බවත් වෛද්‍ය සැපයුම් අංශයට එය භාරදිය නොහැකි බවත් පවසමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය එහි වගකීම අත්හැර දමා ඇති බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, තමන් සඳහා ලැබුණු අදාළ ඉල්ලීම, විශේෂ ක්‍රමවේදයකට (Special pathway) ඖෂධ ආනයනය කිරීම යටතේ පුර්ව අනුමතියක් සහිතවම වීම හේතුවෙන්, නිසි ඇගයීමක් සිදු නොකර අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ සඳහා අවසර ලබාදීමට නොහැකි බැවින් වගකීම බාරනොගත් බව පැවසුහ.

මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2022 සැප්තැම්බර් 26 දිනැති ව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළ දින සිට ඉදිරි සති 3ක් කාලය තුළ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් ශුන්‍ය මට්ටමකට ළඟාවිය හැකි බව සඳහන් වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් නිලධාරීහු ඖෂධ වර්ග සම්බන්ධයෙන් පවතින දත්ත පද්ධතියෙන් ලබාගත් තොරතුරු අනුව එම තොරතුරු අමාත්‍ය මණ්ඩල සංදේශයට එක් කර ඇති බව පැවසූහ. කෙසේ වෙතත් එලෙස එකවර ඖෂධ වර්ග විශාල සංඛ්‍යාවක් ශුන්‍ය මට්ටමකට ලඟාවීම පිළිගත නොහැකි බවත් එලෙස ශුන්‍ය මට්ටමකට පැමිණෙන තෙක් ආදාළ වගකිව යුතු නිලධාරීන් වගකීම් විරහිත කටයුතු කර ඇති බවත් සභාපතිවරයා මෙහිදී පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ විගණකාධිපතිවරයා, පෙර ඇණවුම් කර ලැබීමට නියමිතව තිබු ඖෂධ වර්ගද , ශුන්‍ය මට්ටමකට ලඟා වී ඇති ඖෂධ වර්ග ලෙස හුවාදක්වමින් එම ඖෂධ ද ආනයනයට කටයුතු කර ඇති බව ප්‍රකාශ කළේය.

මේ අනුව මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් කිරීමට සම්බන්ධ වූ නිලධාරීන් කවුද යන්න පිළිබඳව පුර්ණ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම මෙම ඖෂධ වර්ග ආනයනය සම්බන්ධයෙන් පුර්ණ වර්තාවක් කාරක සභාව මගින් සකස් කර පාර්ලිමේන්තුව යොමු කරන බවත් ඉන් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ලබන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, චමින්ද වි‍ජේසිරි, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, චන්දිම හෙට්ටිආරච්චි, අසිත නිරෝෂණ එගොඩ විතාන, කෝසල නුවන් ජයවීර, සුදත් බලගල්ල, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග සහ සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.



අදහස් (2)

අධිකාරියේ අනුමැතියක් නෑ: ඖෂධ 38ක් හොර පාරේ ගෙනල්ලා

බකල ජයා Saturday, 29 March 2025 12:34 PM

මේ සිස්ටන් එක වෙනස් කරන්න එපා. අහිංසක, දුප්පත් ඇමැතිවරු, නිලධාරි එදාවේල හොයාගන්නේ ඕකෙන්. අසාධාරණ වැඩ කරන්න හොඳ නැහැනේ...!

:       0       13

Mohan Mangala Mapa Saturday, 29 March 2025 01:18 PM

මේවා මිනිස් සමාජයකට නොගැලපෙන තිරිසන් වැඩ.. වරදකරුවන් සොයලා උපරිම දඬුවම් නොකරන්නේ ඇයි?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 621 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site