
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවට තීන්දු කරමින් ඔහුට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 75ක වන්දි මුදල සම්පූර්ණයෙන් නොගෙවීමෙන් අධිකරණයට අපහාස කළ බවට නීතීපතිවරයා ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට චෝදනා පත්‍රයක් අද ඉදිරිපත් කළේය.
නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ගොනු කළ අධිකරණයට අපහාස කිරීමේ නඩුව විභග කිරීමට තීරණය කළ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඔක්තෝබර් 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් විනිසුරු මඩුල්ල ඔහුට සිතාසි නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව අධිකරණය නියම කළ වන්දි මුදල් නිසියාකාරව ගෙවා නිමකර ඇතිදැයි සොයා බලන්නැයි ඉල්ලමින් මීට පෙර අවස්ථාවක මෝෂමක් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
මෙම නඩුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, එස්. තුරේරාජා, දිලීප් නවාස්, ශිරාන් ගුණරත්න, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහත්වරුන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා වින්දිතයින්ට වන්දි ගෙවීමට ඔවුන්ට නියම කෙරිණී.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් කෝටි 10ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් රුපියල් කෝටි 7 1/2 බැගින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් කෝටි 05 ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා රුපියල් කෝටියක මුදලක් ගෙවීමට අධිකරණය නියම කළේය.
හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන 2019 ත්‍රස්ත ප්‍රහාරය විඳිතයන්ගේ ගිණුමට අදාළ වන්දි මුදල් ගෙවීමටද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතු`ථ වගඋත්තරකරුවන්ට නියම කර තිබිණී.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
de silva Friday, 27 September 2024 12:49 PM
ඔච්චර ලොකු සැකයක් තිබෙනවා නම් අත්අඩංගුවට ගන්නේ නැතිව ඉන්නේ මොකද? සැඟවුණු අමුත්තා රටින් පනින තුරු නම වසන් කරගෙන ඉන්න, පැන්නාට පස්සේ නම ප්‍රසිද්ධ කරන්න...!
අරවින්ද මොනරවිල Friday, 27 September 2024 01:54 PM
සිල්වා ආස ඉක්මනින් අත් අඩංගුවට ගන්නවටද, ඊට පස්සේ වැල්ලෙන් පුළුවන් නේද දේශපාලන පලි ගැනිම් කියලා හරි රණවිරු දඩයම කියලා හරි.එහෙම නම් හිතාගෙන ඉන්නේ සොරිම තමයි සිල්වා.......
සෙනෙවිරත්න Friday, 27 September 2024 02:29 PM
ඔව් ඡන්දේ අවසන් වනතුරු කිසිදු කෙනෙක් අත්අඩංගුවට ගන්න එපා, එතකොට විපක්ෂය මර්දනය කර ඡන්ද වලට යනවා කියන අවලාද අහන්න මේ රජයට ඉඩ තබන්න එපා, රැස්වීම්වල මොනවා කීවත් කල යුත්තේ නීතියට එකඟව,