
(ඩී.ජි. සුගතපාල)
ස්ථාන මාරුවක් ලැබ තිබියදි අනවසරයෙන් විදුහලට ඇතුලත්වි ඇති බව පවසා වලහන්දුව ජනාධිපති බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනියට විදුහලට ඇතුලුවිම තහනම් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස අක්මිමණ පොලිසිය කළ ඉල්ලීම ප්‍රතිකෂේප කළ අධිකරණය මෙවැනි ඉල්ලිම් කර අධිකරණය හැල්ලුවට ලක් නොකරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පොලිසියට තරයේ අවවාද කළේය.
නියෝජ්‍ය විදුහල්පතිනිය ඉවත්කරන ලෙස ඉල්ලා ඉකුත් 15වනදින මව්පියන් පිරිසක් දක්ෂිණ අධිවේගි මාරගයද අවහිරකරමින් විරෝධාතවක් පැවැත්වු අතර එහිදි දකුණු පළාත් අධ්‍යාපන දෙපාරතමේන්තුව ෙ ඇයට තාවකාලිව ස්ථාන මාරවක් ලබාදි තිබිණි.එහෙත් නියෝජ්‍ය විදුහල්පතිනිය කියා සිටියේ තමාට එවැනි ස්ථානමාරවිම් ලිපියක් නොලැබුන බවය.
ඒ අනුව ඇය අද දිනයේ පාසලට පැමිණ සිටියදි පොලිසිය පැමිණ අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඇයට පාසලට ඇතුලුවිම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
නියෝජ්‍ය විදුහල්පතිනිය වෙනුවෙන් පෙනිසිටි නිතිඥවරුන් කරුණු දක්වමින් කිසිම අවස්ථාවක ස්ථාන මාරුවිමේ ලිපියක් ලැබි නොමැති බවයි. මෙය එක්තරා දේශපාලඥයකුගේ ඉල්ලිමකට අනුව කර ඇති දෙයක් බවත් නිතිඥවරු කියා සිටියහ.
මෙහිදි ඉදිරිපත්වු සියලු කරුණු සළකාබැලු මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැඩිලෙස අවවාද කොට නඩු කටයුතු අද දිනයේම අවසන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථාන මරුවක් දුන්නා හෝ නොදුන්නා කියලා සේවය කරමින් සිටි සේවා ස්ථානයට පැමිණීම තහනම් කරන්න බැහැ. සාමාන්‍යයෙන් අනිවාර්ය නිවාඩු යැවීමක් හෝ විනයානුකූලව කටයුතු කරන අවස්ථාවක එම කටයුතු කරන්න බාධාවක් නම් වැඩ තහනම් කරන වෙලාවෙ පැමිණීම තහනම් කරන්න. විනය බලධාරීන්ට පුළුවන් පොලිස් නිළධාරින් ඒකවත් නොදන්නා බව පේනවා. ඊළඟට නිවාඩු ලබාගෙන සිටින අවස්ථාවකදීත් පැමිණීමට හැකියාව නැහැ.
නියෝජ්‍ය විදුහල්පතිට ඔය ගැන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මහලේකම් (ඔම්බුස්ට්මන්) වෙතට පැමිණිලි කරන්න පුළුවන් ඇයට කරල තියෙන්නෙ වරදක් තමයි
ඔය ගොබ්බයෝ අධිකරණය හෑල්ලුවට ලක් කලේ අද විතරද?? එක එක පඩංගු දේශපාලුවනගෙ ඕන එපාකම් වලට නීතිය නමන එක විතරනේ උන් කවදත් කලේ..
මෙවැනි පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම කල යුතුය නැතිනම් ඔවුන් මෙවැනිම දේවල් කරනු ඇත
එයා අවුල ජාලයක් බව පලාත් වාසීන් දන්නව. එයා සමග මහත්තයා එකතු වෙලා එක එක්කෙනාට පෙත්සම්්ගහ න බව ප්‍රසිද්ධ යි. ඉතා අදක්ෂ කෙනෙක් . විදුහල්පති වරු ගණනාවකට විරුද්ධව , අධ්‍යක්ෂ වරුන් ට විරුද්ධව පෙත්සම් ගහල තියෙනව නිකරුණේ .
දූෂිත දේශපාලුවන්ට නගුට වනන අය තමයි පොලිසියේ ඉන්නේ...!