
(රංජිත් පද්මසිරි)
අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නිලධාරීන් 20 දෙනකු සිය රාජකාරීවලින් ඉවත්කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එලෙස රාජකාරිවලින් ඉවත්කළ පිරිසට එක් මහාධිකරණ විනිසුරුවරයකු, මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් ඇතුළත් වන බව ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
රාජකාරීවලින් ඉවත්කළ 20 දෙනාගෙන් හත් දෙනකුගේ සේවය අවසන් කර ඇති බවත් අනෙක් අය වැඩ තහනම් කර හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ලක් කර ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
රාජකාරියෙන් ඉවත් කළ මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉදිරියේ පරීක්ෂණයකට මුහුණ දී සිටින බවද ආරංචි මාර්ග පැවැසුවේය.
අධිකරණ සේවයේ සිටින්නන් පිළිබඳව මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරු මෙම පිරිස රාජකාරීවලින් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙන බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එල්ල වූ චෝදනාවලට වරදකරු වූවන් විශ්‍රාම ගන්නා වයස ආසන්නයේ සිටී නම් ඔවුන්ට විශ්‍රාම ගැනීමේ විකල්පය ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කළ බවද ආරංචි මාර්ග පැවැසුවේය.
දූෂණ වැනි බරපතල චෝදනා එල්ල වූ අය සම්බන්ධයෙන් චෝදනා පත්‍ර භාර දී පරීක්ෂණ පවත්වා තිබෙන බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
පරීක්ෂණයකින් පසුව චෝදනාවලට වරදකරු වන්නන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතීත්වයෙන් යුතු අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් රාජකාරියෙන් ඉවත් කරනු ලැබ තිබෙන බවද ආරංචි මාර්ග පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2000ක් විතරවත් උනානම් ටිකක් විතර ඕක සුද්ද වෙයි.
මාලිමා ඇමතිලගෙ දූෂණ චෝදනා විභාග කරන අයටත් මාරුවීම් ලැබෙනවා.
පෙරකදෝරුවන්ගෙන් වෙන අවැඩ ගැන හොයන්න නිසි ක්‍රමවේදයක් හදන්න. දැන් තියන ක්‍රමවේදය අනුව ඔවුන්ගේ වැරදි විමර්ශනය කරන්න පවරෙන්නෙත් ඔවුන්ටමයි. ඔවුන් එකිනෙකා බේරාගන්නවා. නීතියේ ආධිපත්‍යට හොර විනිසුරන්ට වඩා විශාල විනාශයක් කරනවා කලුකෝට්කාරයෝ
බරපතල වැරැදි කරලා තිබෙනවා නම් ඒකට දඩුවම් කරන්න ඕනේ. එහෙම වුණාම විශ්‍රාම වැටුපත් අහිමි කරන්න ඕනේ..., නීතිය හොදින් දන්නා උසස් පොලිස් නිලධාරීන්, පෙරකදෝරු මහත්වරු, විනිසුරුවරු නීති කඩන කොට ඔවුන්ට දෙන දඩුවම සාමාන්‍ය පුද්ගලයෙකුට හෝ පොලිස් කොස්තාපල් කෙනෙක්, කාර්යාල කාර්ය සහායකයකුට, මාළු වෙළෙන්දෙකුට දෙන දඩුවමට වැඩිය වැඩි විය යුතුයි. ලෝකයේ දියුණු රටවල නීතිය ක්‍රියාත්මක වෙන්නේ එහෙම, එයට හේතු වන්නේ 1) ඔවුන් නීතිය සාමාන්‍ය පුද්ගලයෙකුට වැඩිය හොඳින් දන්නා නිසා 2) ඔවුන් නීතියට ගරු කිරීමට සහ ආරක්ෂා කිරීමට දිවුරුම් දී සිටින නිසා 3) සාමාන්‍ය සිවිල් පුද්ගලයින් ඔවුන් ආදර්ශයට ගන්නා නිසා...
පෙරකදෝරුවෝ කුණුහරුප කියමින් තර්ජනය කරමින් උසාවි වල පිස්සු නටන්නේත්, මිනීමරුවන්ට ආයුධ සගවාගෙන යන්න නීති පොත් දෙන්නෙත්, පෙරකදෝරු නෝනලා ප්‍රසිද්ධ රැස්වීම් වලදී උසාවි නියෝග ක්‍රියාත්මක නොකරන ලෙසට රජයේ නිලධරීන්ට උපදෙස් දෙන්නේත්, හොර ඔප්පු ලිවීම කූඨ ලේඛන සකස් කිරීම වැනි බරපතල වැරැදි කරන්නේත් විනිසුරුවරු කැලේ අලි ඇතුන් සොරකම් කිරීම, පගාව ගැනීම කරන්නේත්, ඔවුන්ට දඩුවම් බොහෝ විට නොලැබෙන බවට ඔවුන් උපකල්පනය කරන නිසායි. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ... නැතිනම්, ගරු අධිකරණය සහ රටේ උත්තරීතර නීතිය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙනවා. රට දිගින් දිගටම අවුල් ජාලයක් වෙනවා. විනිසුරුවරුත් උත්තරීතර නීතියට යටත් විය යුතුයි. රටේ උත්තරීතර නීතිය තිබෙන්නේ අපි කාටත් ඉහළින්..
මාලිමාවට විරුද්ධව තීන්දුවක් දුන්නොත් ඒ විනිසුරුටත් වෙන්නේ විපක්ශේ අයට වෙච්චි දේමයි. දූෂණ ලේබලේ හරි පාතාල ලේබලේ හරි ඇලෙව්වා... සේවයෙන් පහ කරා. හරිම ලේසියි. කවුරුවත් විරුද්ධ වෙන්නෙත් නෑ.
රටක කාට වුණත් වැරැද්දකට නීතිය ක්‍රියාත්මක වීම ප්‍රශ්ණයක් නෙමේ. ඒත් පවතින ආණ්ඩුව අතිශය කැත විදියට අධිකරණයට බලපෑම් කිරීමෙන් අධිකරණ පද්ධතිය බිඳ වැටී, නීතියේ ආධිපත්‍ය නැතිවී යනු ඇත. මේ සමාජ ව්‍යසනයක මූලාරම්භයයි. සිදුකළ යුත්තේ හුරේ දැමීම නොව, ක්‍රමවත් අධ්‍යනයකින් පසු මේවාට එරෙහිව නැගී සිටීමයි. නැති නම් අනාගතයේදී පක්ශග්‍රාහී අධිකරණ පද්ධතියක් බිහිවී අයුක්තිය රජ කරනු ඇත...
මෙසේ ඉවත් කිරීමට හේතු අපිටත් දැනගන්න ඕනෑ. මොකද ආණ්ඩුව හැරෙන්නේ ඒකාධිපතිවාදයකට බව ඉවෙන් වගේ අපිට දැනෙන නිසා...
මාලිමාවට පක්ෂ තීන්දු දුන්නා නම් මෙතැන කියන්නකෝ, සුන් බුන් විපක්ෂ ,ගම්මන්පිල උපුටාගන්නේ නැතිව.
අර ලැම්බෝගිනි ඉල්ලූ ඇමැතියාට වරෙන්තු නිකුත් කරපු විනිසුරුතුමත් ළඟදීම ඔය වැඩ තහනම් සෙට් එකට එකතු වෙයිද කියලයි බය. රනිල්ව ඉටිපන්දම් එළියෙන් හිරේ යවපු විනිසුරුට නම් පහුවෙනිදාම උසස්වීමක් ලැබුණාය කියලා ආරංචියි.
නීතියේ ආධිපත්‍යයට මෙච්චර බලපෑමක් රාජපක්ෂලා බලයේ උපරිමේ ඉන්න කාලේදිවත් වුනේ නෑ. එයාලා යැව්වේ එක්කෙනයි. මෙයාලා ඊටත් එහා ගිහින්ද ඒ කියන්නේ. ඔය අධිකරණ සේවා කොමිසමේ ඉන්න අයගේ නම් දාන්නකෝ ප්‍රවෘත්තියේ අපිටත් දැනගන්න...
අද ඩොලර් එක 306යි මේ කොහොමද හෙට අනිද්දා බඩු මිල අහස උසට යන කොට නියමයි නේ
නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය ගැන කෙකර ගාන වික්‍රමසිංහ රාජපක්ෂ කල්ලියේ කසළ ශෝධකයන් දන්නේම නැතුව ඇති, දැන් තමයි රටේ නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙන්නේ සහ අධිකරණයේ ස්වාධීනත්වය ඉහළින්ම ආරක්ෂා වෙන්නේ කියලා...
මේ ඔක්කෝම ප්‍රසන්න මහා ලේනාගේ අප්‍රසන්න වැඩ...!