ප්‍රසිද්ධ සමාගමක අධ්‍යක්ෂවරයකු සමාගමේ තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුවකට පටහැනිව කටයුතු කරන ලැදැයි කියන එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව පැවරූ නඩුව ලබන මස 20 වැනිදා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය නියම කළේය.
සමාගමේ අධ්‍යක්ෂ සජිත් රාජපක්ෂ මහතා අදාල සමාගමේ සමූහයට අයත් සමාගම් තුනක දැරූ කළමනාකාර අධ්‍යක්ෂධූරයෙන් ද තවත් සමාගම් පහක දැරූ අධ්‍යක්ෂධූරයෙන්ද ඉවත් කිරීමට කටයුතු කළ බව කියමින් නීතීඥවරුන් දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව වාණිජ මහාධිකරණය එලෙස නියම කෙරිණි.
සජිත් රාජපක්ෂ මහතා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුවකට පැටහැනිව කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස කළැයි කියමින් සජිත් රාජපක්ෂ මහතා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයෙන් පස්සේ රනිල් රාජපක්ෂලු... දැන් කියනවා සජිත් රාජක්ෂලු... අනේ මන්දා...!