
(අංජුල මහික වීරරත්න)
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මිය ගිය නිලධාරීන් සහ රැඳවියන් සිහිපත් කර පිං අනුමෝදන් කිරීමේ මතක බණ ධර්ම දේශනයක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී අද (13) පෙරවරුවේ පැවැත්විණි.
මීගොඩ සුඛිත හිමියෝ දම් දෙසුම පැවැත්වූහ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන , වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහත්ම මහත්මීහු ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මීගමුව බන්ධනාගාරයේ ඇති වු සිද්ධියෙන් මිය ගිය නිලධාරීන් සහ රැඳවියන් සිහි කරමින් පිං අනුමෝදන් කිරීම සහ සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන නිලධාරීන්ට සහ රැඳවියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීම ද මෙහිදී සිදු විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd