IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අධික වැස්සෙන් මරණ 7ක් : පුද්ගලයින් 54,440 ක් අවතැන්

(මොහොමඩ් ආසික්)

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන්  පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු  තුවාල ලබා ඇති බවත් පවුල් 13,352 කට අයත් පුද්ගලයින් 54,440 ක් පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 ක පවුල් 273 කට අයත් පුද්ගලයින් 1041 ක් පීඩාවට පත්ව ඇති අතර , කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනක පවුල් 278 කට අයත් පුද්ගලයින් 1058 ක් පීඩාවට පත්ව සිටිති.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනක පවුල් 70 කට අයත් පුද්ගලයින් 293 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර එම  දිස්ත්‍රික්කයේ පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබාද තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 ක පවුල් 865 ක පුද්ගලයින් 3203 ක් පීඩාවට පත් ව ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 12 ක පවුල් 134 ක පුද්ගලයින් 593 ක් පිඩාවට පත්ව සිටිති.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 14 ක පවුල් 2114 කට අයත් පුද්ගලයින් 8597 දෙනෙකු පිඩාවට පත්ව ඇති තර පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු මිය ගොස් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරක පවුල්  පහක පුද්ගලයින් 18 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල්  පහක පුද්ගලයින් 25 දෙනෙකු,පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාලේ කොට්ඨාස  දෙකක පවුල් 52 ක පුද්ගලයින් 193 දෙනෙකුද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 54 ක පුද්ගලයින් 204 ක්ද පිඩාවට පත්ව සිටිති. මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. දිවයිනේ නිවාස 724 කටද දැඩි හානි සිදුව තිබේ.

 


 

(ඡායාරූප ප්‍රභාත් මංජුල)



අදහස් (0)

අධික වැස්සෙන් මරණ 7ක් : පුද්ගලයින් 54,440 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site