
(එස් හේරත්)
මාර්ගවල ධාවනය කිරීමට අවසර නොමැති අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි අධි වේගයෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් සිටි තරුණයන් හත් දෙනකු යතුරු පැදිද සමග අත්අඩංගුවට ගත් බව තොඩුවාව පොලිසිය කියයි.
මාරවිල සිට හලාවත දක්වා වූ වෙරළබඩ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට සහ අසල්වාසී මහජනතාවට පීඩා වන අයුරින් අධික ශබ්ද නගමින් අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කරන බවට තොඩුවාව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහිත යාපා මහතාට ලැබුණ තොරතුරකට අනුව මෙම යතුරු පැදි සමග තරුණයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගන්නා ලද අවුරුදු 18 සහ 20 අතර වයස්වල පසුවන තරුණයන් පිරිස මාදම්පේ නාත්තන්ඩිය සහ කිරිමැටියාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
මාරවිල සිට හලාවත දක්වා වැටී ඇති වෙරළබඩ මාර්ගයේ සති අන්තයේ දිනවල සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී අධික ශබ්ද නගමින් අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කිරීම ටික කලක සිට සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරුපැදි රාජසන්තක කරලා පොලිස් සේවයට ගත්ත නම් හොඳම දඬුවමක් .
එතකොට සංතෝසයිද?
ඉතාලි සල්ලි වලින් විනෝද වෙනවා