(යොහාන් භාසුර)

විදුලි කප්පාදුව අද සහ හෙට (30 සහ 31) දෙදින අත්හිටුවීමට විදුලිබල මණ්ඩලය තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

ජල විදුලියෙන් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් ජනනය කිරීමේ හැකියාව ලැබීම නිසා මෙම තීරණය ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.