(යොහාන් භාසුර)

මන්නාරමේ ඉදිකිරීමට නියමිත සුළං විදුලිබලාගාරයක් සඳහා ඉන්දියාවේ අදානි සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර එළඹිමට නියමිත ගිවිසුමට විරෝධය දක්වමින් නිර්පාක්‍ෂික අරගලයට සම්බන්ධ පිරිසක් බම්බලපිටිය හන්දියේදී අද (16) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ.

‘අදානි, මෝදි, ගෝඨා හොර ගිවිසුම් අපිට එපා’, සී.ඊ.බී.යට අල්අඟුරු එපා’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී පිරිස උද්ඝෝෂණය කළහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)