(ඩයනා උදයංගනී)

නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (6) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ ද වැසි ස්වල්පයක් ඇතිවන බව එම නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.