
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd