
(අංජුල මහික වීරරත්න)
පෙම්වතුන්ගේ දිනය යෙදෙන අද(14) පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයේ යොදාගෙන බොරු පුවතක් සමාජ මාධ්‍ය වල ප්‍රචාරය කොට ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සන හොරට යොදා එම බොරු පුවත ප්‍රචාරය කොට තිබෙන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
එම අසත්‍ය ලිපිය සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙසද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්සනත් හොරට යොදලා නං කූට ලේඛන සැකසීම ගැන නීතිමය පියවර ගන්න. මෙවට ඇස් කන් වසා සිටීමෙන් වෙන්නෙ නව පරපුරට 'නීතිය ක්‍රියාත්මක නොවේ' යන අදහස ඔලුවට ඇතුල්වීමයි
ඔයා කොල්ලන්ගේ සෙල්ලම් වැඩ, වැඩිය ගණන් ගන්න එපා, කොලු කම නේ