(යොහාන් භාසුර)
මරදාන දුම්රිය ස්ථනයෙන් අද (19) පස්වරු 6.25 ට පිටත්ව අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කර අලුත්ගම දුම්රිය අංගනය වෙත ගාල් කිරීමේදී දුම්රියේ එංජිම පීලි පැනීමකට ලක්ව තිබේ.
මෙය අද දිනයේ වෙරළබඩ දුම්රිය මාර්ගයේ වාර්තා වූ දෙවැනි දුම්රිය පීලි පැනීමයි.
රාත්‍රී 9.15 ට පමණ වූ මෙම පිලී පැනීමේදී එන්ජිමේ රෝද හතරක් පිටතට පැන ඇති බවත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට එය බාධාවක් නොවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපතයෝ කරන්නේ ගේමක් පීලි පනිනවා නෙමෙයි පැන්නනෙනවා.
මේක තමා දුම්රිය ධාවනයේ නවතම ක්‍රමය.
දුම්රිය සේවකයෝ නිදිද?. තියෙන හැටියට සේවය පවත්වාගෙන යාම වැදගත්ම දේ. අතිකාල ගන්නව විතරයි.
යල්පැනගිය කසිකබල් දුම්රිය එන්ජින් හා අළුත්වැඩියා කරනලද කසිකබල් දුම්රිය මැදිරි පරණ යකඩ වලට විකුණා, අලුත් දුම්රිය එන්ජින් හා මැදිරි ගෙන්වන්න. ගවයන් පටවනවා සේ මගීන් ප්‍රවාහනය නොකොට, ඔවුන්ට අවශ්‍ය ගෞරවනීය තත්ත්වය ලබාදීමට දුම්රිය සේවය සුදුසු සමාගමක් වෙත ලබාදෙන්න. දේශපාලකයන් හට සුරසැප හා v 8 . ජනතාවට මුදල් ගෙවා හෝ යන්න වෙලා තියෙන්නේ ආපාදුක් විඳිමිනුයි.
එකක් පීලා පැනලා මොකටද? අද ඉදන් දෙක් තුනක්ම පීලි පන්නමු.
හිතෙන්නැත්ද, "දුම්රිය ධාවනයේ නවතම ක්‍රමය. " නෙවේ " මේ දුම්රිය ධාවනය නවත්වන නවතම ක්‍රමයයි" මේ රටේ හැම තැනකම දිනෙන් දින පීලි පනින්න හේතුව මොකක්ද කියල සොයා බලන්න අවශ්‍ය නැත්ද රට කඩා කප්පල් කර, තව තවත් විනාස කරන්න, කිසියම් සංවිධානාත්මක කන්ඩායමක් විසින් මෙය කරනු ලබන බවක්වත්ද කියා.