IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අතුරලියේ පවුල් 50කට පාචනය

(ප්‍රියන්ත දසනායක)

පැවති අයහපත් කාළගුණයෙන් නිල්වලා ගංගාව පිටාර ගලා මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවක් වූ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් වටවී කොටුවී සිටින බලකාවල, කොඩිගහකන්ද  යන ප්‍රෙද්ශයන්හි පවුල් 50 කට පාචනය හා වමනය සෑදී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

පාචනය ,වමනය සෑදුණ පිරිස අතර  කුඩා දරුවන් 10 දෙනෙකු සිටින බව වෛද්‍යවරු පැවසූහ.

බලකාවල කොඩිගහකන්ද ගම්වාසීන් දින 07ක් තිස්සේ ගංවතුරින් කොටු වී වටවී ඇති බවත් ලෙඩ රෝග පැතිරී අන්ත අසරණ වී ඇති බවත් කියති.

වෛද්‍ය කණ්ඩායමක් ඔරුවකින් අවශ්‍ය ඖෂධ රැගෙන ගම්මානයට ගොස් රෝගීන් පරීක්ෂා කොට අවශ්‍ය ප්‍රතිකාර සිදු කිරීම සිදු කරති.

මේ සඳහා අතුරලිය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී වෛද්‍ය රුවිනී විජේසිංහ, වෛද්‍ය හර්ෂ ලුණුවිල, මහජන සෞඛ්‍ය පරීක්ෂක තේනුවර යන මහත්ම මහත්මින් ඇතුළු කාර්යමණ්ඩලය එක්ව සිටිති.

එමෙන්ම  ගම්මානයේ වෙළෙඳසැල් වල සිනී ඇටයක් හාල් ස්වල්පයක් නොමැති බවත් එබැවින් ගම්වාහු පවසති.

අතුරලිය ප්‍රාදේශීය ලේකම් නිරෝෂා ගමගේ මහත්මිය ගෙන් විමසීමේදී නිසි සම්බධීකරණයෙන් පෙර සිටම වෛද්‍ය සායන පැවැත්වීමට සූදානම් කර තිබූ බවත් මී උණ කරල් විශාල පිරිසකටත් ලබා දීමට කටයුතු කළ බවත් කීය.  පාචනය වැළදුණු දස දෙනෙකු අකුරැස්ස රෝහලට බෝට්ටුවෙන් ප්‍රවාහනය කොට ප්‍රතිකාර ලබා දිමට පියවරගත් බවත් පැවසීය.



අදහස් (2)

අතුරලියේ පවුල් 50කට පාචනය

Tharindu Thursday, 06 June 2024 06:49 AM

රැකියාව අවශ්‍යතාව අනුව අකුරටම ඉටු කළ ඔබ සැමට උපහාරයක් වේවා

:       1       3

wedage Thursday, 06 June 2024 10:51 AM

අතුරලියේ රතන අතුරලියේ රතන ඔබ කොහිද රතන .අර මිනීමරුවා නිදහස් කරන්න ගත්තු සල්ලිවලින් හරි මේ මිනිස්සුන්ට උදව් කරන්න

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 513 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site