




(ප්‍රියානි මංගලිකා )
මවගෙන් වෙන්වී මීගලෑව ප්‍රදේශයේ කෑලෑවක අතමංව සිටි කුඩා අලි පැටියෙකු නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මුදාගෙන අද (02) උඩවලව ඇත් අතුරු සෙවනට බාර දීමට පියවර ගෙන ඇත.
මව ගෙන් වෙන් වූ වයස අවුරුදු දෙකක් පමණ වූ අලි පැටියා මීගලෑව ප්‍රදේශයේ වන රොදක අතරමංව සිටියදී වනජීවි නිලධාරීන් විසින් මුදාගෙන ඇත.
අලි පැටියා මේවන විට කිසිඳු රෝගාබාධයක් නොමැති බවත් ඉතා හොඳ නිරෝගි සුවයෙන් පසුවන බවද නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය පවසයි .
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකයේ පශුවෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ ,අඩවි ආරක්ෂක මංජුල විජේපාල යන මහතුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද, අවස්ථාවට එක්වූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හම්බන්තොට පැත්තේ ඉදලා ගාල කඩාගන ඉබාගාතේ පැනපු ගොන් අලි පැටියා ගැනත් මොනවා හරි කරන්න. දැන් යන එන මන් නැතිව ඉන්න නිසා කොහේ හරි අනාතාගාරයකට දාන්න.
මම හිතන විදියට නම් කිසීම අලි පැටියෙක්ව උගේ රැලට ආය මුදාහැරීමක් නම් වෙන්නේ නෑ. වන ජීවී එකට ඒක කරන්න බැරිකමක් නෑනේ.
මේ අලි බබාව ආපහු මෙයාගේ අම්මලා .. තාත්ලාට බාරදෙන්න විදිහක් නැද්ද .. ?