(අංජුල මහික වීරරත්න)
අතරමැදියන්ට මුදල් දී ඊශ්‍රායලයට ගියොත් එරට රජය සමඟ සාකච්ඡා කොට ඔවුන් නැවත ලංකාවට ගෙන්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ඊශ්‍රායලයේ රැකියා ගන්න කිසිම කෙනෙක්ට මුදල් දෙන්න එපා යැයි කී අමාත්‍යවරයා කවුරුන් හෝ ලිස්ට් එකේ උඩට ගන්නවා කියමින් මුදල් ඉල්ලන්නේ නම් වහාම අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද ඇමාත්‍යවරයා සඳහන් කළේය.
ගතවූ මාස 18 ඇතුලත විදෙස් ගත ශ්‍රමිකයින් ඩොලර් බිලියන 8.6ක මුදලක් ලංකාවට එවා තිබෙන බව ද නානායක්කාර මහතා පැවසීය.
තමා අමාත්‍යාංශයේ වැඩ බාරගෙන මාස 18 ක් ගතවූ බව කී අමාත්‍යවරයා ඒ කාලයේදී කයිවාරු ගහන්නේ නැතිව වැඩ පෙන්වා ඇති බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑනියි ලමයින්ට ගෙවන්න.
දෙන දෙයක් ලේකම්ට දෙන්න. අතරමැදියන්ට නොදී
අතරමැදියන් නැහැ ,ඔයාලා කියලා තියන ඒජන්සි වලින් තමයි සල්ලි ගෙවලා එන අය එන්නේ .ඔබතුමා කියන එක ඇත්ත .තවත් අතරමැදියන්ට ගෙව්වොත් ඉතින් ඔබතුමාලාගේ කොටසනේ අඩු වෙන්නේ
ඔයා රට යවන්නේ ඔයාට චන්දෙ දෙන අය විතරයි