
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
මඩකලපුව වාකරේ කයන්කෙනී අභය භූමිය ප්‍රදේශයේ වෙරළ ආසන්නයට පැමිණ ගැඹුරු මුහුදට යාමට නොහැකිව ගැවසෙමින් සිටි තුවාල ලබා සිටි ඩොල්පින් මත්සයන් හත්දෙනෙකු නැවත මහමුහුදට යැවීමට කටයුතු කළේය.
නැගෙනහිර වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා ඇතුළු වනජීවී නිලධාරීන්, නාවික හමුදාවේ සහ ධීවර ප්‍රජාවගේ සහය ඇතිව ප්‍රථිකාර ලබාදීමෙන් පසු, මෙසේ නැවත ගැඹුරු මුහුදට යැවීම සිදුකරන ලදී.
අඩි හතක් පමණ දිගින් යුත් ඩොල්පින් මත්සයන් හත්දෙනා ධීවරයන්ගේ දැලකට හසුවී වෙරළ ආසන්නයට ගසාගෙන එන්නට ඇති බවට අනුමාන කරන අතර, දැල්වලට හසුවීම නිසා තුවාල ලබාසිටි මත්සයන්හට ප්‍රථිජීවක ඖෂධ ලබාදීමෙන් පසු නාවික හමුදාවේ සහ ධීවර බෝට්ටුවලින් රැගෙන ගොස් ගැඹුරු මුහුදට මුදාහැරීම සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් පින් ඔබ සැමට..!