
( ශාන්ත චන්ද්‍රසිරි )
තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ පාවෙමින් තිබියදී පාසල් සිසුවියකගේ සිරුරක් සොයා ගත්බව තලවකැලේ පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ තලවකැලේ, රත්නිල්ලකැලේ පදිංචිව සිටි පෙරියසාමි දිලුක්ෂිණා (18) නැමැති පාසල් සිසුවියකි.
උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා නිවසේ සිට මෙම සිසුවිය පාඩම් කටයුතුවල නිරතව සිට ඇති බවත්, ඉකුත් (18) දින රාත්‍රීයේදීත් නිවසේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිට ඇති බවට පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
නිවසේ පාඩම් කරමින් සිටි දියණිය උදෑසන බලන විට නිවසේ නොසිටි බවට ඇයගේ පියා විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබු බවද පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන්වු සිසුවියගේ සිරුර කොත්මලා ජලාශයේ
Senarath Monday, 20 May 2024 02:08 PM
හරිම කනගාටුදායක සිද්ධියක්... ඒ දරුවන්ට මානසික ආතතිය තියෙන්න ඇති....ගාල්ලෙත් බොහොම දක්ෂ දරුවෙක් මේ වගේම රැ පාඩම්කරමින් ඉදලා අතුරුදන් වෙලා පසුව ජලාශයකින් සිරුර හමුවුණා...