(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

අතුරුදන්ව සිටි පාසල් ශිෂ්‍යාවකගේ මෘත ශරීරය කොළොන්න උල්ලිඳුවාව ප්‍රදේශයේ ගිං ගඟේ තිබි හමුවු බව කොලොන්න පොලීසිය පැවසුවේ ය.

මෙලෙස අතුරුන්ව තිබුණේ උල්ලිඳුවාව, පනීල්කන්ද අංක 04 ලැයිමේ පදිංචිව සිටි පහළොස් හැවිරිදි යේසුදාසන් රශ්මි පබසරා ශිෂ්‍යාවයි. ඇය අනිල්කන්ද දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි.

පසුගිය 08දා සවස පහයි තිහට පමණ ඇය අතුරුදන්ව තිබුණි. පවුලේ ඥාතීන් ඇගේ අතුරදන්වීම ගැන එදිනම කොළොන්න පොලීසියට දන්වා තිබුණි. පසුව ඥාතීන් සහ ප්‍රදේශවදීින් ඇය පිළිබඳව සොයා බැලීමේ දී ඇගේ මෘත ශරීරය ගිං ගඟේ තිබි සොයාගෙන තිබුණි.

ඇගේ මරණය කෙසේ සිදුවී දැයි මෙතෙක් අනාවරණය කරගෙන නැත. කොලොන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.