(අංජුල මහික වීරරත්න)
ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී ජනතාවට යම් සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
පසුගිය නොවැම්බර් මාසයේ සහ එළඹෙන ජනවාරි මාසයේදී විදුලි ජනනය සඳහා වැය වන දැවි තෙල් ප්‍රමාණය අඩුවීම නිසා දැවිතෙල් මෙන්ම නැප්තා යන ඉන්ධන වර්ග විශාල වශයෙන් ඉතිරි වී තිබෙන බවද පිරිපහදුවෙන් ලැබුණු නිෂ්පාදන වලින් ලංකා තොග ගබඩා පර්යන්තයේ ටැංකි පද්ධතිය උපරිම ධාරිතාවට පැමිණ ඇතැයි ද අමාත්‍යවරයා කීය.
ඒ අනුව මෙරට පවතින අතිරික්ත දැවිතෙල් සහ නැප්තා අපනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අධිකඅසාධාරණ ලබයෙන් කොටසක් දීලාවත් මාතර ලයිට් කපපු ස්කෝලවලට ලයිට් දීපන්. තමනුත් මාතර නෙද?
තරගකාරීත්වයෙන් මහජනයාට අඩුවට තෙල් දෙන්ට රට තෙල් කොම්පැනි ගෙනාපු හාදයා මේ, කොයි ඒ ලාබ තෙල්. මතක තියාගන්න මේ ඔක්කෝම කොමිස් කුට්ටි අවසානේ මහජනයාට දුක් කන්දයි, ණය කන්දයි, නොම්මර එකේ ආර්ථික ඝාතකයින්...