(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අය වැය වැඩි ඡන්ද  115   කින් සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද  120   ක්ද විපක්ෂව ඡන්ද  5  ක්ද ලැබිණි.

මන්ත්‍රීවරු 43 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

සමගි ජන බලවේගය සහ පොහොට්ටු පක්ෂයේ ඩලස් කණ්ඩායම සහ ආණ්ඩුවෙන් විමල් වීරවංශ ඇතුළු ස්වාධීන මන්ත්‍රී එකමුතුව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ජාතික ජන බලවෙිගය සහ දෙමළ සංවිධානය අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.