
(යොහාන් භාසුර)
වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.
ඒ අනුව පරිප්පු, සීනි, අල, ලූණු, කරවල, ආනයනික තිරිඟු පිටි, ටින් මාළු සහ කිරී සම්බා සහ සම්බා සහල් මිල තව දුරටත් ඉහළ ගොස් ඇති බවත් ව්‍යාපාරිකයන් හිතුමතේ භාණ්ඩවල මිල ඉහළ දමන බවත් පාරිභෝගිකයෝ කියති.
වැට් බද්ද ඉහළ දැමීමට පෙර රුපියල් 300 ක සිල්ලර මිලක පැවැති පරිප්පු කිලෝවක මිල මේ වන විට රුපියල් 350 ත් 400 ත් අතර මුදකට අළෙවි කරන බවත් රුපියල් 290 කක්ව පැවැති සුදු සීනි කිලෝවක මිල රුපියල් 325 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද පාරිභෝගිකයෝ පවසති.
රුපියල් 260 ක සහ රුපියල් 230 ක උපරිම මිලක් නියමක කර ඇති කීරි සම්බා සහ සම්බා සහල් දැඩි හිඟයක් මේ වන විට වෙළෙඳපොලේ පවති බව කියන පාරිභෝගිකයෝ ඇතැම් වෙළෙඳසැල් තොග සඟවාගෙන කීරි සම්මා කිලෝවක් රුපියල් 300 කට අධික මිලකට සහ සම්බා කිලෝවක් රුපියල් 250 කට අධික මිලකට අළෙවි කරන බව ද සඳහන් කරති.
ඇතැම් සුපිරි වෙළෙඳසැල්වල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තව දුරටත් ඉහළ දැමීමට කටයුතු කර ඇති බවත් ලංකා සතොස ඇතැම් භාණ්ඩ විවෘත වෙළෙඳපොලේ මිලට ද වැඩි මුදලට අළෙවි කරන බව ද පාරිභෝගිකයෝ චෝදනා කරති.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවත් ඉහළ යයි
විපරමා Monday, 08 January 2024 06:21 PM
ජනතාවගේ බදු මුදලින් යැපෙන ,ජනතාව ගසාකන දුශිත දේසපාලුවෝ ඉන්න රටක් ලෝකෙම නැතුව ඇති .
චන්දන Tuesday, 09 January 2024 07:56 AM
දැන් කළහැකි වෙන දෙයක් නැහැ.. නැවත අරගලයකින් පන්නනව හැරෙන්න. ආණ්ඩුව ත් කළු කඩකාරයෙක් වෙලා.
Kazi Shajahan Tuesday, 09 January 2024 11:29 AM
කෝ වැඩ මහ ලොකු ඔස්තාර් රනිල් , ආපු දා ඉදල බදු වැඩි , මෙලෝ රහක් නැහැ ,අපි කනව නෙමේ යකෝ ලෙවකනව තොපිලගෙ වැඩ නිසා.