(එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ මාදම්පේ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් මාදම්පේ ග්‍රාමීය බැංකුව අද (29) මංකොල්ල කා පලා යමින් සිටි ගුවන් හමුදා නිලධාරියෙකු ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
චීන වරාය ගුවන් හමුදා කදවුරේ සිට නිවාඩු ලබා එමින් සිටි ගුවන් හමුදා නිලධාරියෙකු මුඛ ආවරණයක් සහ ආරක්ෂිත හිස් වැසුමක් පැළද ග්‍රාමීය බැංකුවට පැමිණ තමා අත බෝම්බයක් ඇතැයි පවසා එම ග්‍රාමීය බැංකුවේ සේවකයින් බියවද්දා එහි ලාච්චුවේ තිබූ මුදල් මංකොල්ල කා ඇති බව පොලීසිය කියයි.
සැකකාර ගුවන් හමුදා නිලධාරියා එම ග්‍රාමීය බැංකුව ආසන්නයේම පදිංචිකරුවෙකු බවද පොලීසිය කියයි.
ග්‍රාමීය බැංකුව මංකොල්ල කා පලා යමින් සිටි සැකකාර ගුවන් හමුදා නිලධාරියා පසු පස ප්‍රදේශවාසීන් ලුහුබැද යමින් තමන්ද දැනුවත් කිරීමෙන් පසු ඔහුව සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd